විස්සයි විස්සේ ජය පාකිස්තානයට
Sep 16, 2017 10.24am

ලෝක ක්‍රිකට් කණ්ඩායමට එරෙහිිව පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (15) රාත්‍රීයේ සමත් විය.

ඒ, දෙපිළ අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 33 ක ජයක් හිමිකර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 04 කට ලකුණු 183 ක් රැස් කල අතර අහමඩ් ශෙෂාඩ් පන්දු 55 කදී ලකුණු 89 යි. බාබර් අසාම් පන්දු 31 කදී ලකුණු 48 ක් රැස් කළේය.

තිසර පෙරේරා ලකුණු 37 කට කඩුලු 2 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 150 ක් පමණයි.

තිසර පෙරේරා පන්දු 13 කදි ලකුණු 32 ක් රැස් කළේය.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60