ආණ්‌ඩුව ෆෙඩරල් දෙන්න පොරොන්දු වෙලා... - දිනේෂ් ගුණවර්ධන
Sep 17, 2017 09.59am

යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකරන බවට ආණ්‌ඩුව දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇතැයි මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

රජය එවැනි ක්‍රමයක්‌ සඳහා යොමුවීමට නියමිත හෙයින් දෙමළ ජාතික සන්ධානය විසිවන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව ද හෙතෙම පැවසීය.

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය ලබන විසිවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60