හක්ක පටස් කෑ අලියාට අසාධ්‍යයි

Oct 17, 2017 10.40am
feature-top
හොරොව්පොතාන,කපුගොල්ලෑව වැව් රක්ෂිතයේ හක්කපටස් කෑ වන අලියකු බරපතළ තුවාළ ලබා වැටි සිටියදි ප්‍රදේශවාසින්ට හමුවි තිබේ.
 
එම රක්ෂිතය තුල දැනට දින ගනනාවක සිට හක්කපටස් කෑ වයස අවුරුදු 10-12 අතර පසු වන මෙම වන අලියා වෙදනාවෙන් පසුවන බව ප්‍රදේශවාසින් සදහන් කරයි.
 
ඒ අනුව පෙරේදා (15) සවස මොටගොනෑව වන ජිවි නිළධාරින් එම වන අලියා නිරික්ෂණය කළ අතර වෛද්‍යවරුන්ගේ අකුරට වැඩ කිරිමේ රාජකාරි ආරම්භ වීම හේතුවෙන්  කිසිදු වෛද්‍ය නිළධාරියකු එම අවස්ථාවට නොපැමිනියේය.
 
මේ වනවිට තුවාල ලැබු වන අලියා බරපතළ තත්ත්වයේ පසුවේ

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »