කෝටි ලක්ෂ තුනක ණය ගෙවීමේ ක්‍රමවේදය මේ අයවැයෙන්

Oct 19, 2017 09.28am
feature-top
නව උදාගම්මාන වැඩසටහන ය‍ටතේ 43 වැනි උදා ගම්මානය වන අ‍ශෝකපුර ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාත්තන්ඩිය මාතිංගලදී (17) ජනතා අයිතියට පත්විය. එහිදි ප්‍රදේශයේ පහ ශිෂ්‍යත්වයෙන් උසස් ලෙස සමත් නිවසක් අහිමි ශිෂ්‍යයෙකුට නිවසක් ඉඳි කිරිම සඳහා සෙවණ අරමුදලෙන් ලබාෙදන ප්‍රතිපාදන අගමැති වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමුණු අවස්ථාව. ජායාරූපය- හිරන්ත ගුණතිලක

 ඉදිරි වසර දෙක තුළ කෝටි ලක්ෂ තුනක ණය ගෙවීමට ඇති බවත් ණය ගෙවීමේ ක්‍රමවේදය මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

විශාල ණය කන්දක් සමග රට බාරගත් වත්මන් රජය තවමත් ණය කන්දේ මුදුනට පැමිණ නැති බවත් රටේ ආර්ථිකය හදන්නට නොහැකි බව පවසා වෙනත් රජයන් මෙන් වත්මන් රජය කිසි දිනෙක පැන යන්නේ නැති බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවැසීය.

ණය ගත් පිරිස් මේ ණය ලබාගෙන ඇත්තේ පරම්පරා තුනකින් ගෙවී යන ලෙස වුවත් යහපාලන රජය ඉදිරි පරම්පරාවට ණය බර ඉතිරි කරන්නේ නැතැයි ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනතාවට පහසුකම් සලසමින් රට සංවර්ධනය කරන අතරම ආයෝජන අවස්ථා තුළින් රැකියා උත්පාදනය කොට රට දියුණු කිරීම රජයේ අරමුණ යැයි ද අගමැතිවරයා මෙහිදී සදහන් කෙළේය.

හිසට සෙවණක් සැමට නිවසක් සංකල්පය ඉදිරියට ගෙන යමින් යළි ඇරැඹුණු ගම් උදාව වැඩසටහන යටතේ පුත්තලම, නාත්තණ්ඩිය, මනිංගල ඉදිවූ විශාලම නිවාස ගම්මානය වන “අශෝකපුර“ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (18) ජනතා අයිතියට පත් කිරීමෙන් පසු පැවැති උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව පැවැසීය.

කෝටි 54 ක වියදමින් ඉදිවූ අශෝකපුර ගම්මානයේ නව නිවාසලාභීන් 98 දෙනෙකු සඳහා මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් හිමිකම්පත් ප්‍රදානය කෙරිණි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඉදිවූ මේ ආදර්ශ ගම්මානය උදාගම් සංකල්පය යටතේ බිහි කෙරුණු විශාලම ආදර්ශ ගම්මානය වන අතරම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළෙහි 43 වැනි ගම්මානය ද මෙයයි.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »