0 Views  
   Great Persons
මොණරවිල කැප්පෙටිපොල මහ නිලමේ

ක්‍රි.ව. 1818 ක්‌වූ නොවැම්බර් මස 26 වැනි දින ලක්‌දිව කන්ද උඩරට බෝගම්බර නම්වූ ස්‌ථානයේ දී රාජෙද්‍රෝහියෙකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ නම්වූ අභීත සිංහලයෙක්‌ වධකයා ඉදිරියේ තම ඛෙල්ල දංගෙඩිය මත තබන අවස්‌ථාවේදී මාරයාට අභියෝග කොට වරක්‌ මරු පරදවා දෙවැනුව මරණයට පත්විය. එක්‌ කඩු පහරකින් ඛෙල්ල ගසා දැමීමට වධකයාට නොහැකිවූ කල්හි උණු ලේ ධාරාවක්‌ පපු පෙදෙසින් රූරා වැටෙන විට මෙම වීරයා වධකයා දෙසට තම දෙනෙත් හෙළා ˜බල ඛෙල්ලේ මෙතැනට ගසවයි˜ කියා තම දඹරැඟිල්ල දිගු කොට කඩු පහර එල්ල කළ යුතු නියම ස්‌ථානය පෙන්විය.

 

˜අන්‍ය ජාතියකට යටත්ව, නිවටව, නියාලූ‍ව, ජීවත්වීමට වඩා ජාතික නිදහස උදෙසා ඔවුන් සමග යුද වැද අන්තිමේදී නොවහල් මිනිසෙකු වශයෙන් කඩුවට ගෙල දී ජාතිය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්නට ලැබීම මට මහත් සතුටකි˜.

 

මෙවන් වූ අභීත ප්‍රකාශයක්‌ කොට අන්ධකාර වූ සමයකදී ඉංග්‍රීසින්ගේ යකඩ සපත්තුවට පෑගී පොඩිවී මිරිකී සිටි සිංහලයන්ගේ අහිමිව ගිය ස්‌වෛරී නිදහස නැවත ලබා ගැනීමේ පරම අධිෂ්ඨානයෙන්, ජාත්‍යානුරාගයෙන් පණ පෙවී ගිය හදවතකින් යුතුව අවංකව සටන් කොට අවසානයේ දී එකී සටනින් අප මාතෘ භූමිය පරාජයක්‌ ලැබ, අභීතව වධකයාගේ කඩු පහරට තම ගෙලදී රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් මරණයට පත්වූ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේගේ චරිතය පිළිබඳව විමර්ශනය කරන කල්හී එතුමා විසින් පණ පෙවූ උඩරට මහ කැරැල්ල (උඩරට මහ විමුක්‌ති සටන) පිළිබඳවද විමර්ශනය කළ යුතු වේ.

 

පවුල් පසුබිම

 

සිංහල යුද සේනාවන් හි කවදත් මූලස්‌ථානයක්‌ වූ සතර කෝරළයෙහි කැප්පෙටිපොළ නම්වූ ග්‍රාමයේ දී ජන්ම ලාභය ලැබූ කැප්පෙටිපොළ මහ නිලමේගේ පියා වූයේ රාජාධිරාජසිංහ රජතුමාගේ රාජ්‍ය පාලන සමයේදී දියවඩන නිලමේ තනතුර දැරූවේ ගොලහැල නිලමේය. මව මොනරවිල කුමාරිහාමි වූවාය. ඔහුට සොහොයුරෙකු හා සොහොයුරියකු විය. සොහොයුරිය වූයේ ඉතා අවාසනාවන්ත ඉරණමකට උරුමකම් කියූ ඇහැළේපොල කුමාරිහාමිය. සබරගමු පළාතේ කුල කතක්‌ වූ දෙල්වල එතනා සමග විවාහ වී සිටි මෙතුමාට කළුබණ්‌ඩා නමින් පුතෙකුද සිටියේය.
කුමන්ත්‍රණකාරී කාල පරිච්ඡේදය

 

ඉංග්‍රීසින් මුහුදුබඩ ප්‍රදේශවල තම බලය පිහිටුවා ගනිමින් සිටියදී උඩරට රාජ්‍යයේ දේශපාලන වාතාවරණය ව්‍යාකූල වෙමින් පැවතු‚. වර්ෂ 1766 ගිවිසුමෙන් ලන්දේසීන්ට ලංකාව වටා මුළු මුහුදු වෙරළම අයත්වීම හේතු කොටගෙන උඩරට රාජධානියට වටිනා භූමි ප්‍රදේශයක්‌ අහිමි වූ අතර විදේශීය වෙළෙඳ කටයුතුවලට බාධා එල්ලවීම නිසා ආර්ථීක වශයෙන් ද හානි පැමිනු‚. වර්ෂ 1796 වන විටද උඩරට රාජධානියේ එම තත්ත්වය වෙනසක්‌ සිදුවී තිබුණේ නැත. රාජාධිරාජසිංහ රජුට පුතෙකු නොසිටි බැවින් සිහසුනට නීත්‍යනුකූල උරුමකරුවෙකු නොවීය. ඒ වන විට රාජ සභාවේ ප්‍රධානීන් අතර මතභේද පැවති නිසා අනුප්‍රාප්තිකයකු පත්කිරීම පිළිබඳ ප්‍රශ්න උග්‍ර විය.

 

තමාට බලය අල්ලා ගැනීමේ එකම බලාපොරොත්තුවෙන් රජකමට උරුමකම් කියූ උදවිය ඉවතලා ශ්‍රී රාජාධිරාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1780-1798) ගේ ඇවෑමෙන් කන්නසාමි නම්වූ නායක්‌කාර වංශික තරුණයකුට, පිළිමතලව්වේ මහ අධිකාරම් විසින් උඩරට රාජ්‍යත්වය පැවරීය. ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 17 98-1815) නමින් රාජ්‍යත්වයට පැමි‚ හෙතෙම පසු කලෙක පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ රාජෙද්‍රෝහී ක්‍රියාවන් දැන හේ මරාදැමීය.

 

පිළිමතලව්වේ මහ අධිකාරම්ගේ මරණයෙන් ඉක්‌බිතිවැ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මහ අධිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළ නිලමේය. ඔහුද වැඩිකල් නොගොස්‌ම පිළිමතලව්වේ මහ අධිකරම් ගිය මාර්ගයේ ගියේය. රජතුමා නෙරපා දමා, රාජ්‍යත්වය කෙසේ හෝ ලබා ගන්නට වෙර දැරූ හෙතෙම අවසානයේ දී ඉංග්‍රීසින් හා එක්‌ව ඔවුන්ගේ සහයෝගයෙන් යුතුව උඩරට රාජ්‍යත්වයට පැමිŒමේ අරමුණෙන් ක්‍රියා කළේය.

 

මෙයින් මහත් සේ කිපුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැලේපොළ මහ අධිකාරම්ගෙන් පලිගැනීම පි‚ස ඔහුගේ බිරිඳ වූ ඇහැලේපොල කුමාරිහාමිත්, දරුවන් සිව් දෙනාත් අමානුෂික ලෙස මරා දැමීමත්, පුස්‌සැල්ලේ දිසාවත්, කරතොට කුඩා උන්නාන්සේත් මරාදැමීමත් යනාදී අමානුෂික ක්‍රියා නිසා ප්‍රකෝපකාරී වූ උඩරට වැසියෝ රජතුමාගේ අධර්මිෂ්ට පාලනයට විරුද්ධව තැනින් තැන කැරැලි ගසන්නට වූහ. මෙම අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් ඉංග්‍රීසින් සිංහල අධිකාරම්වරුන් හා නිලමේවරුන්ගේ සහයෝගය ඇතිව වර්ෂ 1815 ක්‌වූ පෙබරවාරි 18 වැනිදා මැද මහනුවර උඩුපිටියේ අප්පුරාම ආරච්චිලාගේ නිවසේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිර භාරයට ගන්නා ලදී. මෙගින් පුරා අවුරුදු දෙදහස්‌ තුන්සිය පනස්‌අටක්‌ අවිඩින්නව පැවති ලක්‌දිව රාජ වංශය නිමාවට පත්විය.
ඤසංස්කරණය% උඩරට ගිවිසුම අත්සන් කිරීම

 

වර්ෂ 1815 ක්‌වූ මාර්තු මස 2 වැනිදා මහනුවර මඟ=‍ල් මඩුවේදී උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කෙරු‚. මෙම ගිවිසුමට ඉංග්‍රීසින් වෙනුවෙන් සර් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරතුමා අත්සන් කළ අතර සිංහලයන් වෙනුවෙන් ඇහැලේපොළ, මොල්ලිගොඩ (පළමුවැනි අධිකාරම් හා හත්කෝරළේ දිසාව), පිළිමතලව්වේ (දෙවැනි අධිකාරම් හා සබරගමුවේ දිසාව), පිළිමතලව්වේ (සතර කෝරළේ දිසාව), මොණරවිල (ඌව දිසාව), රත්වත්තේ (මාතලේ දිසාව), මොල්ලිගොඩ (තුන්කෝරළේ දිසාව), දූල්ලෑව වලපනේ දිසාව), මිල්ලව (වෙල්ලස්‌සේ හා බිම්තැන්නේ දිසාව), ගලගම (තමන්කඩුවෙ දිසාව), ගලගොඩ (නුවර කලාවියේ දිසාව) යනාදී රදල නායකයෝ අත්සන් තැබූහ.

 

මෙතැන් පටන් කැප්පෙටිපොළ ඌව දිසාපති පදවියට පත්ව තම පසමිතුරු මොල්ලිගොඩ නිලමේට පළමු අධිකාරම් ධුරය ලැබුණු බැවින් ඇහැලේපොල ඊට පහත්වූ තැනෙක සිටින්නට අකමැත්ත නිසාම තමාට පදවියක්‌ අවශ්‍ය නැතැයි කීය. හෙතෙම මෙම කාරණාව සෙසු නිලමේවරුන්ට හැඟවූයේ ඉක්‌බිතිවැ තමා රාජ්‍යත්වය බලාපොරොත්තු වන බැවින් අන් කිසිදු නිලයක්‌ නොගන්නා බවෙකි. කරුණු කාරණා එසේ බැවින් හෙතෙම ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත්ව රජකු වශයෙන් කන්ද උඩර රාජ්‍යත්වය ඉල්ලා සිටියේය. එනමුත් ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා එය තරයේම ප්‍රතික්‌ෂේප කළේය. ඉක්‌බිතිව හේ ජෝර්ඡ් මහ රජතුමා මුණගැසීමට එංගලන්තය බලා යැමට අවසර ඉල්ලා සිටියේය. එයද ප්‍රතික්‌ෂේප විය.
ඤසංස්කරණය% ඌව දිසාව පදවියට තේරී පත්වීම

 

ඌව දිසාව වශයෙන් තේරීපත්ව ගිය කැප්පෙටිපොළ මහ නිලමේට කෙටි කලකින්ම ඉංග්‍රීසි ආධිපත්‍යය යටතේ සේවය කිරීම මහත් වූ පිළිකුලක්‌ වන්නට වූවේය. මේ වන විට ඇහැලේපොල රාජ්‍යත්වයට පත්වන බවක්‌ද පෙනෙන්නට නොතිබි‚. මෙසේ කැප්පෙටිපොළ මහ නිලමේ තුළ දිනෙන් දින වර්ධනය වෙමින් තිබුණු පිළිකුල් බව තීව්‍ර කිරීමට බදුල්ලේ ඒජන්තවරයාගේ ක්‍රියා කලාපය මහත් සේ දායක විය. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඌව දිසාව භාර කැප්පෙටිපොළ මහ නිලමේත්, බදුල්ලේ ඒජන්තවරයාත් අතර නිරතුරුවම මතභේද හටගන්නා වාතාවරණයක්‌ නිර්මාණය වන්නට විය. අසාධාරණයට අයුක්‌තියට කිසි විටෙකත් තම හිස පහත් නොකළ කැප්පෙටිපොළ මහ නිලමේ බදුල්ල ඒජන්තවරයාට නුවමනා ගරු සම්මාන දැක්‌වූ තම දිසාවේ මුලාදෑනිවරුන්ට ද~ුවම් පැමිණ විය. එනමුත් මෙම ක්‍රියාව ඉංග්‍රිසි ආණ්‌ඩුව දුටුවේ ඌව දිසාව තම බලතල අයුතු ලෙස ක්‍රියාත්මක කරනවා යනුවෙනි.
ඤසංස්කරණය% අසහනකාරී වාතාවරණය

 

පුරා අවුරුදු දෙදහස්‌ තුන්සිය පනස්‌ අටක්‌ තමන් භුක්‌ති විඳි ඒ නිදහස අහෝසිව යැමෙන් උඩරැටියෝ මහත් වූ අසතුටටත්, අසහනයටත් පත්ව සිටියහ. මුලින්ම අසතුටට පත්වූයේ රදලයන් හා පැවිද්දන්ය. ඉක්‌බිතිව එය මුළු මහත් සිංහලයන් දක්‌වාම ව්‍යාප්ත විය. මේ වන විට ඇහැලේපොළ මහ නිලමේ විසින් ඇති කරන ලද බලාපොරොත්තු කෙරෙහි මහත් වූ විශ්වාසය තබා සිටි රදලවරු ඉංග්‍රීසින්ගෙන් එය ඉටු නොවූ කල්හි මහත් වු අසහනයට පත්වූහ. එසේම රජවරුන්ගෙන් පුද පූජා ලැබූ භික්‌ෂුහු ඉංග්‍රීසින්ගෙන් එය ඉටු නොවූ කල්හි තවත් අසතුටට පත්වූහ. මෙකල තම බලාපොරොත්තු බිඳ වැටී මහත් වූ අසහනයෙන් මහනුවර නතරව සිටි ඇහැලේපොල මහ නිලමේට සිංහල රාජ්‍යය ඉංග්‍රීසින්හට පවරාදීම තමා ඇතුළු සෙසු රදල නායකයන් ගත් ඉතා වැරැදි තීරණයක්‌ බවත් තමා උගුලකට අසුවී සිටින බවත් අවබෝධ වන්නට විය. රාජකාරි අවස්‌ථාවන්හිදී රදලවරුන්ට ගරු පුද ලැබුණද අන් අවස්‌ථාවලදී ඉංග්‍රීසි සොල්දාදුවන්ගෙන් පවා ඔවුනට ලැබුණේ නිගාවකි.

 

ලක්‌දිව සිංහල රාජ්‍යයේ අගනුවර සීමාව තුළ දෝලාවකින් ගමන් කළ හැකිව තිබුණේ රජතුමාට පම‚. එනමුත් උඩරට ඉංග්‍රීසින්ට අත්පත් වූ ඉක්‌බිතිවැ ඒ තහනම ඉවත් කරන ලදී. උඩරට රදලයෝ මෙමගින් මහනුවර පෞඪත්වයට බලවත් වූ හානියක්‌ සිදුවන බව කියා මෙය තහනම් කරන ලෙස ජෝන් ඩොයිලි ගෙන් ඉල්ලා සිටින ලදී. මෙම ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය. ඉක්‌බිතිව උඩරට, පහතරට එක්‌ කරන කඩවත් සියල්ල වසාදමන ලදී. මෙමගින් උඩරට වැසියන්ගේ ස්‌ථීර ආදායම් මාර්ග මුළුමනින්ම ඇන හිටිනි. කරුණු කාරණා එසේ බැවින් ඉංග්‍රීසි ආණ්‌ඩුව කෙරෙහි තම අප්‍රසාදය ක්‍රමයෙන් වර්ධනය වත්ම, වෙල්ලස්‌සේ පදිංචි මුස්‌ලිම් වෙළෙන්දන්ගේ ඉල්ලීම පරිදි ආණ්‌ඩුකාරවරයා විසින් ඔවුන්ගේ මුහන්දිරම් වශයෙන් හ-ජි මරික්‌කාර් නම්වූ තැනත්තෙකු පත් කළේය. එතෙක්‌ පැවති සම්ප්‍රදාය වූයෙන් එවන් වූ ධුරයන් සඳහා උඩරට රදලයන් පත්කිරීමයි. මෙම සිද්ධියෙන් රදලවරු කුපිත වීම නිසා සිංහල - මුස්‌ලිම් භේදය මුළු වෙල්ලස්‌ස පුරාම ව්‍යාප්ත විය.
දොරේසාමි

 

මේ අතරතුර දොරේසාමි නම්වූ පුද්ගලයකු තමා මහනුවර රාජ වංශයෙන් පැවත එන්නෙකු බව පවසමින් භික්‌ෂුන් වහන්සේලා කීපදෙනකු සමග සැරිසරණ බවත්, ඔහුට රජෙකුට සේ ˜දෙවියෝ˜ යන නාමය ව්‍යවහාර කරමින් ඔහු වටා රොක්‌වන බවක්‌ දැනගන්නට ලැබිණ. මෙම පුවතින් මහත් සේ තැති ගත් බදුල්ලේ උප ඒජන්තවරයා වූ විල්සන් වර්ෂ 1817 සැප්තැම්බර් මස 10 වෙනිදා හඡ්ජි මුහන්දිරම් ඇතුළු භට කණ්‌ඩායමක්‌ වෙල්ලස්‌ස බලා පිටත්කර යෑවීය. හෙතෙම වෙල්ලස්‌සට ගොස්‌ අහිංසක සිංහල වැසියන් සිව් දෙනකු අත්අඩංගුවට ගත්තේය. මෙයින් මහත් සේ කුපිත වූ සිංහලයෝ හඡ්ජි මුහන්දිරම් අල්ලා කස පහරදී මරා දමනු ලැබූහ. මෙම පුවත ලැව් ගින්නක්‌ දෙස්‌ දසත පැතිරි‚. සිංහලයන් කැරලි ගසන්නට වූයේ මෙතැන් සිටය.

 

වර්ෂ 1817 ඔක්‌තෝබර් මස 12 වැනිදා මෙම පුවත විල්සන්හට දැන ගන්නට ලැබි‚. හෙතෙම වහාම සේනාවක්‌ රැගෙන වෙල්ලස්‌ස බලා පිටත්ව ගියේය. මේ වන විට කැරැලිකරුවෝ මහත් සේ ප්‍රචණ්‌ඩකාරිත්වයට පත්ව සිටියහ. මෙම තත්ත්වය දුටු විල්සන්ගේ තෙද බල සිඳී ගියේය. ඉක්‌බිතිවැ හේ කෙටි මාර්ගයකින් බදුල්ල බලා යන ගමනේදී කැරැලිකරුවෙකුගේ (එවකට වෙල්ලස්‌සේ විසූ දක්‌ෂ දුනු හේවායකු ලෙස ප්‍රකට හිටිරාළ නම්වූ අයෙක අතින්) ඊ පහරකින් මරුමුවට පත්විය. (ලූ‍ණුගල-බිබිල දක්‌වා දිවෙන මාර්ගයේ ගමන් කරන්නෙකුට ඉංග්‍රීසි අකුරෙන් සිල්වෙස්‌ටර් ඩග්ලස්‌ විල්සන් සිහිවීම පි‚ස යයි) වගන්තියක්‌ කෙටූ ගල් කණුවක්‌ දැකගත හැකිය. එය මොහු සිහි කරනු පි‚ස ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් 1918 දී ඉදිකරන ලදී.)

 

මහනුවර ප්‍රධාන ඒජන්ත වූ ජෝන් ඩොයිලි කැරැලිකරුවන්ගේ අදහස්‌ දැන ගනු වස්‌ අහැලේපොළ මහනිලමේට පැවරිය. දිගින් දිගටම කඩ වෙමින් තිබූ අභිමථාර්ථය මුදුන්පත් කර ගැනීමට කදිම අවස්‌ථාවක්‌ උදාවී අතැයි කියා සිතූ ඇහැලේපොළ මහ නිලමේ කෙසේ හෝ කැරැල්ල මැ~පවත්වා ආණ්‌ඩුකාරවරයාගේ සිත දිනා ගැනීමට මාර්ගයක්‌ සෙවීය. හෙතෙම රහසේම කැප්පෙටිපොළ මහ නිලමේ හමුවී කැරැල්ල මැඩ පැවැත්වීමට කළ හැකි දෙයක්‌ වහාම කරන ලෙස ඉල්ලා සිටියේය. කැරැල්ල යම් අයුරකින් මැඩ පැවැත්වුවහොත් ඉංග්‍රීසින් සමග ගිවිසුමක්‌ මත තමාට උඩරට රජකම ලබාගෙන ඉක්‌බිතිව ඔවුන් හා සටන් කිරීමට හැකි බවක්‌ ඔහුට ඒත්තු ගැන්වීය.

 

මේ අයුරින් කැප්පෙටිපොළ මහ නිලමේ කැමැති කරවා ගත් හෙතෙම ආණ්‌ඩුකාරවරයා හමුවී කැරැල්ල මැඩ පැවැත්වීමට නම් කැප්පෙටිපොළ මහ නිලමේ වෙල්ලස්‌ස බලා පිටත් කර යෑවිය යුතු යෑයි තරයේම කියා සිටියේය. මෙහි ප්‍රතිඵල වශයෙන් වර්ෂ 1817 ඔක්‌තෝබර් මස 22 වැනිදා කැප්පෙටිපොළ මහා නිලමේ වෙල්ලස්‌ස බලා පිටත්කර යෑවීය. ආණ්‌ඩුවේ මහ ගබඩාවෙන් තුවක්‌කු, කඩු, කිරිච්චි හා වෙන්ත අවි ආයුධ සහිත සිංහල හමුදාවක්‌ සමග කැරැල්ල මැඩ පැවැත්වීමට වෙල්ලස්‌ස බලා පිටත්ව ගිය කැප්පෙටිපොළ මහ නිලමේට වර්ෂ 1817 නොවැම්බර් මස 01 වැනිදා අළුපොතදී කැරැලිකරුවන් රාශියක්‌ හමු විය.

 

මොවුන් අතර බූටාවේරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල, ඇපලෝගම මොහොට්‌ටාල යනාදී මුල් පෙළේ කැරැලි නායකයෝ වූහ. මෙම නායකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ නමුත් ඔවුන්ගේ අදහස්‌ නොවෙනස්‌ විය. මෙයින් අධෛර්යමත් නොවූ කැරැලි නායකයෝ තම මව්බිම පරදේශක්‌කාරයන් ගෙන් මුදාගනු වස්‌ සිහසුනට හිමිකම් ඇත්තෙකුට පක්‌ෂව ක්‍රියා කළ යුතු මැනැවැයි කියා වැඩිදුරටත් පෙන්වා දුන්හ. කැප්පෙටිපොළ මහ නිලමේ තම තීරණය පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නට පටන් ගත්තේ මෙතැන් සිටය.
ඤසංස්කරණය% කැප්පෙටිපොළ මහනිලමේ කැරැලිකරුවන් හා එක්‌වීම

 

කැප්පෙටිපොළ මහ නිලමේගේ ලේ උණුවන්නට විය. තමා සටන් කරන්නේ තමාගේ සහෝදර වැසියන් සමග නොවේදැයි කියා තමන්ගෙන් ප්‍රශ්න කරන්නට වූ කැප්පෙටිපොළ මහ නිළමේ වහල් බැම්මෙන් මිදීම පි‚ස තමාගේ වැසියන් දිවි පරදුවට තබා කරනු ලබන මෙම සටනට තමාගෙන්ද ලැබිය යුත්තේ රුකුලක්‌ යෑයි පවසා, සිංහලයන් සමග ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කොට රට දැය වෙනුවෙන් තමා දිවි පුදන්නට වුවද සූදානම් බවට එදා රැස්‌ව සිටි මහා සෙනඟ ඉදිරිපිට ප්‍රතිඥ දුන්නේය.

 

ඉක්‌බිතිව තමා ආණ්‌ඩුවේ මහ ගබඩාවෙන් රැගෙන පැමි‚ අවි-ආයුධ ආපසු යෑවූ කැප්පෙටිපොළ මහ නිලමේ ආණ්‌ඩුකාරවරයා වෙත ප‚විඩයක්‌ යෑවීය. එය මෙසේය.

 

˜තොපේ තුවක්‌කුවලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තුවක්‌කු තොපේ ආණ්‌ඩුකාරයාට බාරදී ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්˜

 

මේ අතර කැරැල්ල ඉතා දරුණු අන්දමින් ව්‍යාප්ත වී යන්නට වූයේ කැප්පෙටිපොළ මහ නිලමේ එහි නායකත්වය ගත් ඉක්‌බිතිවය. මෙහි ප්‍රතිඵලය වූයේ තුන් කෝරළය, උඩුනුවර, යටිනුවර ඇතුළුව කන්ද උඩරට සෑම පෙදෙසකම (සබරගමුවේ කොටසක්‌ හැරුණු විට) කැරැල්ල ඉතා දරුණු වීමයි.

 

වර්ෂ 1818 ජනවාරි මස 01 වැනිදා මහනුවර මඟ=‍ල් මඩුවට එක්‌ රැස්‌වූ සර් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා ප්‍රමුඛ පිරිස (උඩරට රදලවරුන්ද ඇතුළුව) හදිසි සාකච්ඡාවක්‌ පවත්වා කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ දහඅට දෙනකු රාජෙද්‍රෝහීන් ලෙසින් නම්කොට රාජාඥවක්‌ නිකුත් කරන ලදී. එම ද්‍රෝහීන් මෙසේය.

 

කැප්පෙටිපොළ මහ නිලමේ, ගොඩගෙදර අධිකාරම්, කැටකෑල මොහොට්‌ටාල, කතරගම මහ ඛෙත්මේ රාළ, කතරගම කුඩා ඛෙත්මේරාළ, පලගල්ලේ මොහොට්‌ටාල, වටකැලේ මොහොට්‌ටාල, පොල්ගහගෙදර රෙහෙනෝ රාළ, පස්‌සරවත්තේ විධහු, කිවුලේගෙදර මොහොට්‌ටාල, යටිගම්මේ මොහොට්‌ටාල, උඩමැදුරේ වලව්වේ මොහොට්‌ටාල, කොහුකුඹුරේ රටේරාළ, කොහු කුඹුරේ වලව්වේ මොහොට්‌ටාල, බූටාවේ රාළ, මහ බදුල්ලේ ගම්මානේ රටේරාළ, බුලූ‍පිටියේ මොහොට්‌ටාල, පල්ලේ මාලිගේ ගමැතිරාළ.

 

(මෙම රාජ ආඥව මගින් මොවුන් සියලූ‍ දෙනා රාජෙද්‍රෝහීන් වශයෙන් නම් කෙරුණු අතර මොවුන්ගේ සියලූ‍ම චංචල නිශ්චල දේපළද රාජසන්තක කෙරු‚.)

 

වර්ෂ 1818 පෙබරවාරි මාසය උදාවත්ම පිළිමතලව්වේ (කනිටු) නිලමේද මඩුගල්ලේ උඩගබඩා නිලමේ හා ඇල්ලේපොල මහ නිලමේ කැරැලිකරුවන් සමග එකතු වූ අතර දුම්බර, හත්කෝරළය හා සබරගමුව (මුළුම‚න්ම) යනාදී පළාත් ද ඉංග්‍රීසින්ට විරුද්ධව නැගී සිටියහ. ඇහැලේපොළ මහ නිලමේතුමා මෙම කැරැලිකරුවන් සමග සම්බන්ධ බවට කිසිදු පැහැදිලි සාක්‌ෂියක්‌ සොයාගත නොහැකි බවද එතමා මහනුවරින් බැහැරකොට කොළඹ නිවාස අඩස්‌සියේ තැබීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ.

 

වර්ෂ 1818 පෙබරවාරි 21 වැනිදා වන විට කන්ද උඩරට පුරාම ˜මාර්ෂල් ලෝ˜ (ඒකාධිපති) නම් වූ යුද්ධ නීතිය පනවනු ලැබීය, මෙතැන් පටන් ඉංගී්‍රසි භටයෝ ඉතා සාහසික අයුරින් කන්ද උඩරට ගම් නියම්ගම් ගිනි තබන්නටත්, වස්‌තුව කොල්ලකන්නටත්, මිනිසුන් ඝාතනය කරන්නටත්, ස්‌ත්‍රීන් දූෂණය කරන්නටත් පටන් ගත්හ. මෙයින් මහත් බියට පත්වූ ගම්මු තම පවුල් පිටින්ම කැලෑ වැදුණාහ.

 

එනමුත් තවදුරටත් සිංහලයෝ තම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව පරසතුරාගෙන් රට දැය මුදාගනු වස්‌ කැරලි ගසන්නට වූහ. කැප්පෙටිපොළ මහ නිලමේගේ අදහස වූයේ සබරගමුව, ඌව වෙල්ලස්‌ස, බිම්තැන්න, මාතලේ, සත්කෝරළය, සතර කෝරළය, තුන් කෝරළය ද වටා කැරලිකරුවන් මෙහෙයවා මහනුවර මුළුමනින්ම වට කිරීමය. මේ වනවිට හෙතෙම ඌව වෙල්ලස්‌ස, බින්තැන්න, මාතලේ හා සත් කෝරළයට ද ඉතා සාර්ථක ලෙස කැරලිකරුවන් මෙහෙයවා සතර කෝරළය දෙසට ළඟා වෙමින් සිටියේය. ඔහුට තව ඉතිරිවී තිබුණේ සතර කෝරළය පසු කොට තුන් කෝරළයට වට කිරීම පම‚. මෙමගින් ඉංගී්‍රසීන් මහත් වූ අපහසුතාවට මුහුණපා සිටි නමුත් මොල්ලිගොඩ අදිකාරම්ගේ කාරු‚ක අනුග්‍රහය නිසා එකී අපහසුතාවන් බොහෝ දුරට මැඩපවත්වා ගත හැකි විය.

 

කැරැල්ල ජයග්‍රහණය තෙක්‌ම ජාතිවාත්සල්‍යයෙන් හා නොපසුබට ධෛර්යයෙන් ක්‍රියාකරමින් සිටි කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ සිංහලයන්ගේ ආත්ම ශක්‌තිය මොට කරවන සුළු පුවතක්‌ හදිසියේම පැතිරි‚. එනම් දොරේසාම් නම් වූ කන්ද උඩරට රාජ්‍යත්වය පතා සිටි පුද්ගලයා රාජ වංශිකයකු නොව, විල්බාවේ නම් වූ ග්‍රාමයේ උපත ලද සිවුරුහල පැවිද්දකු බවයි. මෙය සත්‍යයක්‌ බව දැනගත් ඉක්‌බිතිව, රදලවරු ඔහුට විරුද්ධ වූයෙන්, දොරේසාමි නම් වූ පුද්ගලයා බින්තැන්නට පලා ගියේය. මෙයින් කැරලිකරුවෝ අධෛර්යමත්ව පසුබසින්නට වූහ. ඇතැම්හු සටන් පෙරමුණ අත්හැර ගම් බිම් බලා ගියහ. ඉක්‌බිතිව වීරබාහු නම් වූ පුද්ගලයකු රාජ්‍යත්වයට පත් කරගෙන කැරැල්ල පවත්වාගෙන ගිය අතර නොබෝ දිනකින් ඔහු ද ඉංගී්‍රසි හමුදාවේ අත්අඩංගුවට පත්විය. මෙමගින් කැරැල්ල තව තවත් දුර්වල වන්නට විය.

 

(මෙම සිද්ධිය සැලවීමෙන් ඔද වැඩුණු බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා කැරැල්ල මැඩපැවැත්වීමට ඉතා සාහසික ලෙස නියෝග කළේය. මේ අතරතුර ඉන්දියාවෙන් ද අතිරේක බලසේනාද ගෙන්වනු ලැබීය.)
ඤසංස්කරණය% කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ නායකයන් අත්අඩංගුවට පත්වීම -

 

කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ මහ නිලමේ ප්‍රමුඛ රදල නායකයන් කෙසේ හෝ අල්ලා ගැනීම ඉංගී්‍රසින්ගේ මූලික අරමුණ විය. එනමුත් එය ඔවුනට අසීරු කරුණක්‌ විය. එනමුත් ඔවුන්ගේ ඒ අප්‍රතිහත උත්සාහය වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදා සාර්ථක විය. (මේ බව වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 29 වැනිදා කපිතාන් ප්‍රේසර්, අමුණුකොළ නම් වූ ග්‍රාමයේ සිටි තම අණදෙන නිලධාරියා වූ ලෙප්ටිනන්ට්‌ කර්නල් එල්. හුක්‌ මහතා වෙත යවන ලද ලිපියෙන් කැප්පෙටිපොළ මහ නිලමේ හා පිළිමතලව්වේ නිලමේ අත්අඩංගුවට පත් අයුරු මැනවින් අනාවරණය වේ.)

 

වර්ෂ 1818 ඔක්‌තෝබර් මස 28 වැනිදා අලූ‍යම 4.00 ට පමණ ලෙප්ටිනන්ට්‌ ඔනිල් විසින් මෙහෙයවන ලද 30 දෙනකුගෙන් යුක්‌ත ඉංගී්‍රසි භට කණ්‌ඩායමක්‌ පුලියන්කුලමේ සිට නුවර කලාවියේ පරවනගම බලා පිටත් විය. මෙදින අයහපත් කාලගුණයෙන් යුතු වැසි සහිත දිනයක්‌ විය. එදින මොවුන් පරවනගමහිදී වලව්වක්‌ පරීක්‍ෂා කිරීමට ගිය අවස්‌ථාවකදී එහි ඇතුළත සිටියකු විසින් ඔවුනට වෙඩි තබා ඇතත් එය අසාර්ථක වී ඇත. වහාම ක්‍රියාත්මක ඔනිල් වලව්වට ඇතුළුවත්ම මම තමයි කැප්පෙටිපොළ යෑයි හ~නඟා කියා කැප්පෙටිපොළ මහ නිළමේ අත්අඩංගුවට පත් විය. (මෙම මෙහෙයුම ඉංගී්‍රසීන්ට සාර්ථක කර ගැනීමට හැකි වූයේ මරක්‌කල වෙළෙන්දෙකුගෙන් ලද ඔත්තුවක්‌ නිසාය.)

 

මේ අතරතුර පිළිමතලව්වේ දිසාව ඔත්පලව යහනක වැතිර සිටියේය. එහි රැඳී සිටි මඩුගල්ලේ දිසාව, දේදුණුපිටියේ මොහොට්‌ටාල, වේගුරුආරච්චි, උඩුගම මොහොට්‌ටාල, කෙම්පිටියේ මොහොට්‌ටාල, කුඩාගම මුහන්දිරම්, දූල්ලෑවේ මොහොට්‌ටාල, කුරුත්කුඹුරේ මොහොට්‌ටාල, හොරොබ්බාවේ මොහොට්‌ටාල, බොරවැවේ කෝරාල, මොරවැවේ මොහොට්‌ටාල, කව්වලවින්නේ මොහොට්‌ටාල, මැදගම මොහොට්‌ටාල, ඇලෝලිගම මොහොට්‌ටාල, හේවාපොල මොහොට්‌ටාල, නුගවෙල දිසාව, කීරලව මුදියන්සේ, වලවේ මොහොට්‌ටාල යනාදීහු පලා ගියහ. එනමුත් තෙදිනකට ඉක්‌බිතිව මඩුගල්ලේ දිසාව ප්‍රමුඛ කැරලිකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට පත් විය.

 

උඩරට කැරැල්ලේ ප්‍රමුඛ බල කණු වූ කැප්පෙටිපොළ මහ නිළමේ හා පිළිමතලව්වේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කොට තම ප්‍රශංසාව ලෙප්ටිනන්ට්‌ ඔනිල් වෙත පුද කළේය.

 

යුද්ධ අධිකරණය වෙත පැමිණවීම -

 

උඩරට කැරැල්ලේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළා වූ ඉහගම තෙරුන්ටත්, පිළිමතලව්වේ දිසාවටත්, විරුද්ධව යුද්ධ නීතිය යටතේ වර්ෂ 1818 නොවැම්බර් මස 14 වැනිදා නඩු පවරන ලදී. අණදෙන නිලධාරියා විසින් පවරන ලද මෙම නඩුව විභාග කරන ලද්දේ මහනුවරදීය. ඒ අනුව ඉහගම තෙරුන්ටත් පිළිමතලව්වේ දිසාවේටත් මරණ ද~ුවම පමුණුවන ලදී. එනමුත් ඉක්‌බිතිව එම නඩු තීන්දුව සංශෝධනය කර ඔවුන් දෙදෙනා ජීවිතාන්තය දක්‌වා බන්ධනාගාරගත කරන ලදී. මොවුන් අතුරෙන් පිළිමතලව්වේ දිසාවට පළමු පෙළේ ජීවන පහසුකම්ද, ඉහගම තෙරුන්ට දෙවැනි පෙළේ පහසුකම් ද සපයන ලෙස නියම කරන ලදී.

 

වර්ෂ 1819 ජනවාරි මස 08 වැනිදා රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා විසින් එංගලන්තයේ මැන්සෙට්‌ ආදිපාදවරයා වෙත යවන ලිපියෙන් මේ බව මැනවින් අනාවරණය වේ.

 

කැප්පෙටිපොළ මහනිළමේට විරුද්ධව පවරන ලද නඩුව ද යුද්ධ නීතිය යටතේ විභාග කරන ලද්දේ මහනුවරදීය. මෙම නඩුවේදී ඔහුට විරුද්ධව බොහෝ දෙනා සාක්‌ෂි දුන්හ. මෙකී සාක්‌ෂිවල සත්‍යය අසත්‍යතාව කුමක්‌ වුවද මෙම නඩුව සම්ප්‍රදාය ඉටු කිරීමක්‌ වූවා පම‚. කැප්පෙටිපොළ මහ නිළමේ මරා දැමීමට ඉංගී්‍රසීන්ට අවශ්‍ය වූයේ හෙතෙම කැරැල්ලට එක්‌ වූ දා සිටය. ඒ අනුව බි්‍රතාන්‍ය මහ රජතුමාගේ රජයට විරුද්ධව කැරලි ගැසීම මූලික කොටගෙන මොණරවිල හෙවත් කැප්පෙටිපොළ මහ නිළමේ රාජ්‍ය ද්‍රෝහියකු ලෙස නම් කොට වර්ෂ 1818 නොවැම්බර් මස 26 වැනිදා එතුමාගේ හිස ගසා දැමීමට නියම කරන ලදී.

 

කැප්පෙටිපොළ මහ නිළමේ මරණ දණ්‌ඩනයට කැප කළ දින (වර්ෂ 1818 නොවැම්බර් මස 13 වැනිදා) සිට දින 13 ක්‌ හෙතෙම සිර අඩස්‌සියේ පසු වූයේය. එහිදී කිලිටි වූ රළු ඇඳුමක්‌ ඇද සිටි ඔහු තමා පෙරදී නම් මෙවන් කිලිටි වූ රළු ඇඳුමක්‌ ඇඳ නැතැයි කියා ඔහුව දකින්නට පැමි‚ වෛද්‍ය හෙන්රි මාර්ෂල් මහතාට කීය. කැරැල්ල පිළිබඳ ඉංගී්‍රසීන් සමග කතා කිරීමට ඔහු කිසි විටෙකත් මැලි නොවීය. තමා වැරදිකරු වෙතොත් ඒ කාරණා දෙකකට පමණකැයි හේ තරයේ කියා සිටියේය. ඒ ව්‍යාජ රජෙකුගේ මහ දිසාවේ ධුරය පිළිගැනීම හා සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර අවි ආයුධ බාරදෙන කැරැලිකරුවන්ට සමාව දෙන බවට නිකුත් කළ රාජාඥවට පිටුපෑම යන එකී කරුණු දෙක බව සඳහන් කළේය. ස්‌වකීය ජන්ම භූමියේ නිදහස උදෙසා ඉංගී්‍රසීන්ට විරුද්ධව සටන් කිරීම හෝ සටනට රටවැසියන් පොළඹවා ගැනීම වරදක්‌ බව ඔහු නොපිළිගත්තේය.

 

වර්ෂ 1818 නොවැම්බර් 26 වැනිදා කැප්පෙටිපොළ මහ නිළමේ සහ මඩුගල්ලේ නිළමේද ඔවුන්ගේ ඉල්ලීම පරිදි විශේෂ ආරක්‍ෂාව යටතේ දළදා මාළිගාවට කැඳවාගෙන යන ලදී. එහිදී ඔවුහු දළදා සමිඳු වැද පුදාගෙන පින් අනුමෝදන් කරවා ගත්හ. ඉනික්‌බිතිවැ කැප්පෙටිපොළ නිළමේ සෝවර්ස්‌ මහතා දෙසට හැරී මා කළා වූ මෙම පුණ්‍යකර්මය ඔබට ද අනුමෝදන් කරවමි යෑයි කියා උපශාන්තව කීවේය. ඉක්‌බිතිව තමා සතුව තිබූ එකම වස්‌තුව වූ උඩුකය වැසෙන සේ දමා ගෙන සිටි සළුව උණා දමා එය දළදා සමිඳුට පූජා කළේය.

 

ඊළඟට ඔවුන් ද~ුවම ක්‍රියාත්මක කරවනු වස්‌ බෝගම්බර වැව සමීපයට රැගෙන යන ලදී. මෙලෙස යන විට කැප්පෙටිපොළ මහ නිළමේ ශාන්ත විලසින් එඩිතරව ගමන් කළ නමුදු මඩුගල්ලේ දිසාව අධෛර්යට පත්ව ආරක්‍ෂක භටයෝ දෙදෙනකුගේ ආධාරය ඇතිව ගමන් ගත්තේය. තම මිත්‍රයා දුර්වලව සිටින බව දුටු කැප්පෙටිපොළ මහ නිළමේ පිටුපස හැරී ˜මඩුගල්ලේ මෝඩයකු වන්න එපා˜ යෑයි කීවේය.
හිස ගසා දැමීම

 

හිස ගසා දැමීමට පෙර මුහුණ අත්පා ධෝවනය කරගත් කැප්පෙටිපොළ මහ නිළමේ තම කෙස්‌ වැටිය මුදුන් කොට තබා බැඳ ගත්තේය. ඉක්‌බිතිව තම ඉනෙහි සඟවාගෙන සිටි ගාථා පොත (මෙය ධම්ම පද පුස්‌තකයයි) එහි ගාථා කීපයක්‌ කියවා එම ගාථා පොත තම මිත්‍ර සෝවරස්‌ මහතාට අවසාන පරිත්‍යාගය ලෙස දෙන්න යෑයි කියා නිලධාරියකුට භාර කළේය. ඉක්‌බිතිවැ අසල වූ තණපිඩැල්ල මත හිඳගත් හෙතෙම තම ඇඟිලිවලින් පඳුරක්‌ දැඩි සේ අල්ලාගෙන යළිඳු ගාථාවක්‌ කියන්නට පටන් ගත්තේය.

 

˜නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස...˜

 

ඊළඟ නිමේශයේදී කැප්පෙටිපොළ මහ නිළමේ ගහලයා දෙසට හැරී ˜හා දැන් මම සූදානම් එක පහරින් මගේ හිස ගසා දමනු˜ යෑයි කියා කීවේය. මේ තරම් නිර්භීත වූ පුද්ගලයකුගේ හිස ගසා දැමීමට ගහලයාට අත පවා එසවීම දුෂ්කර කාර්යයක්‌ විය. ඒ කෙසේ නමුදු ගහලයා ගැසූ කඩු පහරින් ඛෙල්ල එක්‌වරම සිඳ නොගියද උණුසුම් රුධිර දහරාවන් පපු පෙදෙසින් පහළට බිංදු ලෙසින් රූරා වැටි‚. මෙම අභීත සෙන්පතියා යළිඳු නැඟී සිටිමින් ඛෙල්ලේ මෙතැනට ගසවා කියා තම දබරැඟිල්ල දිගුකොට කඩු පහර එල්ල කළ යුතු නියම ස්‌ථානය පෙන්වීය.

 

කැප්පෙටිපොළ මහ නිළමේ තම මරණයට අභීතව මුහුණදුන් අයුරු තම දෑසින් දුටු වෛද්‍ය හෙන්රි මාර්ෂල් මහතා මොහු කැරැල්ලෙන් ජයග්‍රහණය කළේ නම් රාජෙද්‍රෝහියකු ලෙස හිස ගසා දමනු වෙනුවට එකල දේශප්‍රේමියකු ලෙස ගෞරවයට පාත්‍ර වනු නියත යෑයි කියා කීවේය.

 

වෛද්‍ය හෙන්රි මාර්ෂල් මහතා විසින් කැප්පෙටිපොළ මහ නිළමේගේ හිස්‌ කබල එඩින්බරෝ නගරයේ පිහිටි කපාල විද්‍යා සංගමයේ කෞතුකාගාරය වෙත යවන ලදී. එහිදී මෙම හිස්‌ කබල විද්‍යාඥයන්ගේ විශේෂ පරීක්‍ෂණයට භාජන කරන ලදුව මෙම හිස්‌ කබල හිමි තැනැත්තා ලෝකයේ අතිශයින් විරළ ගණයේ වීරයකු බව වෛද්‍ය හීල් මහතා අනාවරණය කරන ලදී.

 

වර්ෂ 1948 පෙබරවාරි මස 04 වැනිදා ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් ඉක්‌බිතිව කැප්පෙටිපොළ මහ නිළමේගේ හිස්‌ කබල ආපසු බාර දෙන ලදුව, මහනුවර මහ මළුවේ නිම කරන ලද විශේෂ ස්‌මාරකයක වර්ෂ 1954 නොවැම්බර් මස 26 වැනිදා ප.ව. 4.00 ට තැන්පත් කරන ලදී.

 

වර්ෂ 1817 - 1818 යන කාලසීමාව තුළ උඩරට ප්‍රදේශයේ ඇතිවූ කැරැල්ල මගින් රට ජාතියට අහිමි වූ සිංහලයන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් 10000 - 11000 ත් අතර සංඛ්‍යාවක්‌ වේ.

 

උඩරට කැරැල්ල මර්දනය කරනු පි‚ස ඉංගී්‍රසීන් කළ මහා මනුෂ්‍ය සංහාරයන් ඌවේ ධාන්‍යාගාරය සම්පූර්ණයෙන් අහිමි විය. ජාතික නිදහස, සිංහල සංස්‌කෘතිය, සභ්‍යත්වය හා බුද්ධාගම ආරක්‍ෂා කිරීම සඳහා ජාතිවාත්සල්‍යයෙන් නැගී සිටි සිංහල වීරයෝ ඉංගී්‍රසීන් විසින් හිස ගසා දමා දඟගෙයි ලා ඔවුන්ගේ දේපළ රාජසන්තක කරන ලදී. උඩරට ගිවිසුමට විරුද්ධ නිදහස්‌ පාලනයක්‌ ඇතිකරලීමට සිංහලයේ නිදහස්‌ සටනක්‌ ඇති වූයේ ගිවිසුමට ඉංගී්‍රසීන් විසින් කළ ක්‍රියා හේතු කොට ගෙනය. ලංකාවේ ධනය සූරා ගැනීමත් ක්‍රිස්‌තියානි ආගම පැතිරවීමත් අරමුණු කොට ගෙන ලංකාව මුළුමනින්ම තම ආධිපත්‍යයට නතු කරගත් ඉංගී්‍රසීහු උඩරට කැරැල්ල අවසානවීමෙන් ඉක්‌බිතිව නව ආධිපත්‍යයක්‌ තහවුරු කර ගත්හ.

 

ඇඳි පට සළුව සෝදා දළදා හිමිට
පුදකොට නමැද යොදවා සිත බණ පොතට
මරණෙට මුහුණ පෑ කැප්පෙටිපොළ නමට
ගරු කටයුතුයි මුළු රට එකතුව එකට

 

පූජ්‍ය ටිඛෙට්‌ ජාතික ඇස්‌. මහින්ද හිමි

pasanliya.info


o