ගෙවත්තේ ඕනෑම තැනකට ළඟා විය හැකි, කරදරයක් නොමැති, ඇදෙන හෝස් එකක්

2017-11-09 10:14:00       35
feature-top
ඕනෑම ගෘහයක (මිදුලක් ඇති) හෝස් එක යනු අත්‍යවශ්‍යම උපාංගයක්. නමුත් හෝස් එකේ දිග සම්බන්ධ ප්‍රායෝගික ප්‍රශ්නවලට ඔබත් මුහුණ දුන් අවස්ථා ඇති. කොට හෝස් එකක් වත්ත පුරා ගෙන යා නොහැකි වාගේම, දිග හෝස් එකක් ඇසිරීමට හෝ ගබඩා කිරීමට විශාල ඉඩ ප්‍රමාණයක් වැය විය හැකියි. ස්තර 3ක් ලේටෙක්ස් (3 Layer Latex) වලින් නිමැවී ඇති මෙම හෝස් වඩාත් කල්පවතින සහ වැඩි වාර ගණනක් භාවිත කළ හැකිවන අතර, මෙය වතුර කරාමයේ ඇතුළත හා පිටත ආරක්ෂා කරන අතරම ගන පිත්තල පිරිවැද්දුම නිසා වතුර කාන්දු වීම සහ හෝස් එක පැළීම වළක්වනවා. බර අඩු සංගත නිමැවුම, හෝස් එක ගබඩා කිරීමේදී, අවකාශය (Space) වැයවන අපහසුතාව මඟහර වනවා. ඔබට අවශ්‍ය දුර ප්‍රමාණයට ඉබේ සකස් විය හැකි මෙම හෝස්, අඩි 25, 50, 100 යන දිගවලින් මිලදී ගත හැකිය. අඩි 25 හෝස් එක ඩොලර් 15කට අලෙවි වෙනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »