සෙල් ෆෝන් එකෙන් හලෝ කීවොත් මොළයේ පිළිකා හැදෙනවද?

2017-11-14 10:05:00       99
feature-top
වර්තමානයේ මිනිසා හා ජංගම දුරකතනය අතර පවතින්නේ වෙන් කළ නොහැකි තරම් දැඩි බැඳීමක්. ජංගම දුරකතනයක් ළඟ නැති කෙනෙක් නෑ. ජංගම දුරකතන භාවිතය නිසා මොළයේ පිළිකා ඇතිවන්නේද යන සැකයක් ජංගම දුරකතන තරමටම සමාජය පුරා ප්‍රචලිත වී තිබෙන්නක්. මේ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් සිය අවධානය යොමු කළා. විවිධ පර්යේෂණ සිදු කළා. අදටත් සිදුකරනවා.

එසේ සිදුකළ පර්යේෂණයන්හි වාර්තාවන්ට අනුව ජංගම දුරකතන හා මොළයේ පිළිකා ඇතිවීම පිළිබඳ විවිධ මතවාද ඉදිරිපත්ව තිබෙනවා. බොහෝ පර්යේෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ ජංගම දුරකතන භාවිතය සහ මොළයේ පිළිකා ඇතිවීම අතර නිශ්චිත සබඳතාවක් තවමත් හඳුනාගෙන නැති බවයි.

මොළයේ පිළිකා ඇතිවීමට හේතු වන්නේ යයි අනුමාන කරනුයේ ජංගම දුරකතනවල ඇති විකිරණශීලීතාවයි. ජංගම දුරකතන ක්‍රියාත්මක වන්නේ දුරකතන සහ ඒ ආසන්නයේ ඇති දුරකතන කුලුනු අතර තරංග සම්ප්‍රේෂණය මඟින්. එසේම කුලුනු අතර තරංග සම්ප්‍රේෂණ වැඩි ධාරිතාවකින් යුක්තයි. මෙවැනි කුලුනු දෙකක් අතර ප්‍රදේශවල විකිරණශීලීතාවය වැඩිවීම මඟින් ඒ අවට ජීවත් වන්නන් වැඩිපුර විකිරණශීලීතාවට ගොදුරු වන්නේදැයි සැකයක් පැවතුණත් තවමත් එය නිශ්චිතව සනාථ වී නම් නැහැ.

එහෙත් වර්ධනය වන මොළයේ සෛල විකිරණශීලිතාවට වඩා සංවේදී බවක් දක්වන බව අප දන්නා හෙයින් කුඩා දරුවන්ගෙන් ජංගම දුරකතන අෑත් කර තැබීම ඉතා වැදගත්.

ජංගම දුරකතන හා පිළිකා ඇතිවීම අතර සම්බන්ධතාවක් ස්ථිරවම ප්‍රකාශ වී නැති නමුත් හැකි සෑම විටම ජංගම දුරකතන භාවිතා කරන විට එය හිසට දුරින් තබාගැනීම, කතා කරනවිට ඉනඥචඬඥප ර්ථීඩධදඥ භාවිත කිරීම භාවිත කරන කාලය අවම කිරීම වැනි ක්‍රම මඟින් අප සිරුරට ලැබෙන විකිරණ ප්‍රමාණය අවම කර ගත හැකියි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »