අබිරහස් ලෙස මිය යන අප්‍රිකාවේ දැවැන්ත 'බයෝබැබ්' ගස්

2018-06-22 10:11:00       924
feature-top
අප්‍රිකාවේ සවානා වනාන්තරයේ සලකුණ ලෙස හඳුන්වන 'බයෝබැබ්' (Baobab) ගස් අබිරහස් ලෙස මිය යමින් පවතී.

පසුගිය දොළොස් වසර පුරා පැරණිතම සහ විශාලතම අප්‍රිකානු බයෝබැබ් ගස් බොහෝමයක් මිය ගිය බව ජාත්‍යන්තර විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

මෙයට හේතුව තහවුරු කිරීමට ඍජු සාක්ෂි නොමැති වුවත්, දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවට ඔවුහු සැක පහළ කරති.

මෙම වර්ගයේ ගසක් අති විශාල ප්‍රමාණයකට වර්ධනය විය හැකි අතර එහි ආයු කාලය වසර සිය දහස් ගණනකි.

මෙම ගස් අහිමි වීම "පෙර නොවූ විරූ බරපතල සිදුවීමක්" බව දකුණු අප්‍රිකාව, රුමේනියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවල පර්යේෂකයෝ පවසති. ගස් මිය යාමට හේතුව වසංගතයක් නොවන බව පර්යේෂකයන් 'Nature Plants' සඟරාවෙන් අනාවරණය කර තිබේ.

"දකුණු අප්‍රිකාවේ වෙනස් වෙමින් පවතින දේශගුණය මෙම තත්වයට යම් කිසි බලපෑමක් එල්ල කර ඇතැයි අපි සැක කරනවා," යනුවෙන් පර්යේෂකයන් කණ්ඩායම මෙහෙයවන රුමේනියාවේ බාබස්-බොල්යායි විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඒඩ්‍රියන් පැට්රූට් පැවසීය.

"කෙසේ වෙතත්, මෙම උපකල්පනය තහවුරු කිරීමට හෝ ඉවත ලෑමට තවදුරටත් පර්යේෂණ සිදු කරන්න වෙනවා," යැයි ඔහු පැවසුවේය.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »