නව නිපැයුම් තරගාවලියේ ලෝකඩ පදක්කම තඹුත්තේගම පහන් පින්සරට

2018-11-06 04:14:00       20
feature-top
සහසක් නිපැයුම් 2018 සමස්ත ලංකා නව නිපැයුම් තරගාවලියෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ආර්.බී. පහන් පිංසර රත්නමලල සිසුවා සමත්වී ඇත.

මෙම සිසුවා මෙවර තරාගාවලිය සඳහා ඉදිරිපත් කළේ බහුකාර්ය පලතුරු නෙළන උපකරණයකි. මෙම උපකරණ ඕනෑම උසක පිහිටා ඇති පලතුරක් නෙළා ගත හැකිය. එමෙන්ම පැය 24 පුරාවටම ක්‍රියාත්මක කළ හැකි උපකරණයක් වන අතර අවශ්‍ය පරිදි මෙය අවශ්‍ය ප්‍රමාණයට පාලනය කළ හැකි වීම විශේෂයකි.

පසුගිය වසරේ ශ්‍රී ලංකා විද්‍යා අභිවර්ධන සංගමය මඟින් සංවිධානය කළ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙන් පොල් ඉරටු පවිත්‍ර කිරීමේ යන්ත්‍රයක් නිපදවා දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන රන් පදක්කම හිමිකරගෙන ඇත.

මෙවර මෙම තරගාවලිය පසුගිය 26 වැනිදාට යෙදෙන නව නිපැයුම් කරුවන්ගේ දිනයේදී ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

නව නිපයුම් කොමිසමේ සභාපති මහේෂ් එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි එම කොමිසමේ නිලධාරීන් සංවිධානය කර තිබිණි. මෙවර නව නිපැයුම්කරුවන්ට ශිල්ප ඥානය ලබාදුන් ගුරුවරුන්ද ඇගැයීමට ලක් කර තිබේ.


ජයගත් සිසුවා, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එස්. සුනිල් ජයසිංහ, තාක්ෂණ හා ඉන්ජිනේරු අංශයේ පී. ගුණදාස, එස්.එම්. සිරිවර්ධන යන මහත්වරු ඡායාරූපයේ වෙති.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »