0 Views  
මිනිස් මොලය වේගවත්, ඔව් ඉතාමත් වේගවත්.

මොලය ගැන කතා කරද්දී ඔබට නිතරම ඇහෙන දෙයක් තමයි මොලය හැදිලා තියෙන්නේ නියුරෝන බිලියන ගණනක සංකලනයකින් බව. ඉතින් මේ නියුරෝන එකී නෙකට සම්බන්ධ වී සංඥා එහා මෙහා ගෙනයාමේ ප්‍රතිපලයක් විදියට තමයි සිරුරේ බොහෝ චලනයන් වගේම ක්‍රියාකාරකම් සිද්ධ වන්නේ. මේ ස්නායු එකිනෙකා හා සම්බන්ධ වන්නේ සම්පර්කන නැතිනම් සයිනැප්සස් (synapse) හරහායි. තත්පරයක කාලයක් තුලදී මෙවැනි සම්පර්කන ට්‍රිරිලියන 18ක් ක්‍රියාකරනවා කිව්වොට් ඔබ විශ්වාස කරනවා ද ?

අපගේ මොලයේ සාමාන්‍යයෙන් නියුරෝන බිලියන 85ක් තිබෙන බවට පිළිගැනෙනවා. මේ නියුරෝන අතරේ සම්පර්කන ට්‍රිලියන 18 ත් – 32 ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. මේවා හරහා සංඥා ගමන් කිරීමට ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයක්. එම නිසා සෑම තත්පරයකම මොලයේ එහා මෙහා යන සංඥා ප්‍රමාණය ට්‍රිලියන 18 සිට 640 ක් දක්වා ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

ඉතින් මෙතරම් දත්ත ප්‍රමාණයක් එකවර එහා මෙහා යන තරම් අපේ මොලය සංකීර්ණයි නම් එය සුපිරි පරිගණකයක් වගේ කියලා ඔබට මොහොතකටවත් සිතුනාද? ඇත්තෙන්ම කිව්වොත් අපේ මොලය සුපරි පරිගණකයටත් වඩා වේගයෙන් ක්‍රියාකරනවා. මිනිස් මොලයේ අරුමය එයයි. අපි ගොඩක් දෙනෙක් මේ ගැන හරි අවබෝධයක් නැතිව ඔහේ කල්මරමින් සිටියත් මොලයේ නිවැරදි හැකියාව හා සමත්කම වටහා ගන්නා පුද්ගලයන්ට ජීවිතය ජයගැනීමට මේ මොලයම යොදාගන්න පුළුවන්.

2011 වසරේ දී ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණකය නැතිනම් super computer එක ලෙස කිරුළු පළඳා සිටි ජපානයේ K පරිගණකය ( මේ වනවිට 7 වන ස්ථානය ) නිර්මාණය කෙරුනේ මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය අනුකරණය කිරීමේ උත්සාහයක් වශයෙනි. මේ පරිගණකය නිර්මාණය කිරීමට ප්‍රොසෙසර 83,000ක් යොදාගත්තා. ඒ සම්පර්කන ට්‍රිලියන 10.4 කින් සම්බන්ධ වී ඇති නියුරෝන බිලියන 1.73කට සම කිරීමක් වශයෙන්. මෙතරම් වේගවත් පරිගණකයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව මිනිස් මොලයෙන් 1% ක්‍රියාකාරිත්වයක් කෘතිමව නිර්මාණය කිරීමට ඔවුන් සමත් වූ නමුත් මිනිස් මොලයක තත්පරයක සිදුවන දත්ත හුවමාරුව සිදුකිර්ම සඳහා මේ පරිගණකයට විනාඩි 40ක පමණ කාලයක් වැය වුනා.

නමුත් විද්‍යාඥයන් නම් මේ පර්යේෂණය අනාගතයේ සාර්ථකව මිනිස් මොළයකට සමාන පරිගණකයක් නිර්මාණය කිරීමේ හැකියාව පෙන්වන පෙරනිමිත්තක් ලෙස සලකන්නට වුනා.

ඔබගේ මොලයේ වටිනාකම සහ වේගවත් බව ඔබට දැන්වත් වැටහෙනවාද?


Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks
o