0 Views  
නෙප්චුන් ග‍්‍රහ ලෝකය

සෞරග‍්‍රහ මණ්ඩලයේ අටවැනි ග‍්‍රහලෝකය වන මෙය එහි ඇති ග‍්‍රහ ලෝක 10 අතුරින් විශාලත්වයෙන් සිව්වැනි තැන ද හිමිකර ගන්නවා. එය සූූර්යයාගේ සිට කි. මී. බිලියන 4.5 ක් දුරින් පිහිටා තිබෙනවා. නෙප්චුන් ග‍්‍රහ ලෝකය පරිභ‍්‍රමණය වන විට එහි ගමන් මාර්ගය ඇතුළු පැත්තෙන් යුරේනස් ග‍්‍රහයා දෙසටත්, පිට පැත්තෙන් ප්ලුටෝ ග‍්‍රහයාගේ කක්ෂය තුළටත් ගමන් කරනවා. නෙප්චුන් ග‍්‍රහ ලෝකය සෑම වසර 248 ක දීම ප්ලුටෝ කක්ෂය තුළට පිවිසෙන අතර, වසර 20 ක් පමණම ප්ලුටෝ ග‍්‍රහයාගේ කක්ෂයට ඇතුළතින් ගමන් කරනු ලබනවා. එවිට එය තාවකාලිකව සූූර්යයාගෙන් ඈතින්ම පිහිටි ග‍්‍රහලෝකය බවට පත්වෙනවා. වර්ෂ 1979 දී අවසන් වරට නෙප්චුන් ග‍්‍රහයා ප්ලුටෝ ගේ කක්ෂයට ඇතුළු වූ අතර, නැවත වර්ෂ 1999 දී එය පිටතට පැමිණීම සිදු වුණා.පාෂාණමය ද්‍රව්‍ය මිශ‍්‍ර වූ විශාල ජලය පිරි සාගර වලින් වට වූ අභ්‍යන්තර පාෂාණමය හරයකින් නෙප්චුන් ග‍්‍රහයා සමන්විත වන බව විද්‍යාඥයින් විශ්වාස කරනවා. අභ්‍යන්තර හරයේ සිට මෙම සාගර එහි වායු ගෝලය හමුවන තෙක්ම ඉහළට එසවී තිබෙනවා. නෙප්චුන් ග‍්‍රහයාගේ වායු ගෝලය හයිඩ‍්‍රජන්, හීීලියම් සහ මීතේන් සු‍්‍රළු ප‍්‍රමාණයකින් සෑදී තිබෙනවා. නෙප්චුන් ග‍්‍රහයාට වළලු 4 ක් සහ චන්ද්‍රයින් 11 දෙනෙකු පිහිටා තිබෙනවා. නෙප්චුන් ගේ පරිමාව පෘථිවිය මෙන් 72 ගුණයක් වෙත්දී පවා එහි ස්කන්ධය වන්නේ පෘථිවිය මෙන් 17 ගුණයක්. එහි විශාලත්වය නිසා විද්‍යාඥයින් නෙප්චුන් ග‍්‍රහ ලෝකයත්, බ‍්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් මෙන්ම යෝධ ග‍්‍රහ ලෝකයක් ලෙස හඳුන්වනු ලබනවා.නෙප්චුන් ග‍්‍රහ ලෝකය සූූර්යයා වටා ගමන් කිරීමට වසර 164.79 ගතකරනවා. එය තම අක්ෂය වටා එක් වටයක් කරකැවීමට පැය 16 ක් ගත කරනවා. නෙප්චුන් ග‍්‍රහ ලෝකයේ අක්ෂය අංශක 29.6 ක්් ඇලව පිහිටා තිබෙනවා. මෙම ඇලව පිහිටීම නිසා නෙප්චුන් ග‍්‍රහ ලෝකය තුළත් පෘථිවියේ මෙන් ඍතු විපර්යාස පවතිනවා.නෙප්චුන් ග‍්‍රහ ලෝකය බොහෝ වශයෙන් පාෂාණ සහ ජලයෙන් සෑදී තිබෙනවා. එමෙන්ම එහි ඝන වායු ගෝලයේ වැඩි වශයෙන් හයිඩ‍්‍රජන් සහ හීලියම් අඩංගු වෙනවා. තාරකා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ නෙප්චුන් ග‍්‍රහ ලෝකය මිදුණු ජලය සහ පාෂාණ වලින් සෑදී තිබෙන බවයි. ග‍්‍රහ ලෝකයේ වර්ධනය සිදු වෙත්ම ග‍්‍රහලෝකය අභ්‍යන්තරයේ පීඩනය සහ උෂ්ණත්වය ක‍්‍රමයෙන් වැඩිවීම සිදු වුණා. එවිට ග‍්‍රහ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීමෙන් මිදුණු ජලය දියවී ඒවා උණු ද්‍රව තත්වයට පත් වී තිබෙනවා.නෙප්චුන් ගේ ඝන තත්වයේ පවතින හරය පෘථිවිය තරම් විශාල නොවන බව (පෘථිවි හරයේ විෂ්කම්භය කි. මී. 12756) විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. එමෙන්ම මෙම හරය මූලික වශයෙන් යකඩ සහ සිලිකන් වලින් සෑදී තිබෙනවා.ග‍්‍රහලෝකයේ පරිමාවෙන් විශාල ප‍්‍රමාණයක් සෑදී තිබෙන්නේ එහි අති විශාල ද්‍රව කඳෙන්. විද්‍යාඥයින් සිතන අන්දමට මෙම සාගර ප‍්‍රධාන වශයෙන් ජලය තරමටම මීතේන් සහ ඇමෝනියා අණු වලින් සෑදී තිබෙනවා. නෙප්චුන් ගේ සාගර සෙන්ටිග්‍රේඩ් අංශක 4700 ක පමණ අධික උෂ්ණත්වයකින් යුක්ත වෙනවා. මෙම සාගරවල ද්‍රව මෙම උෂ්ණත්වයේදීත් වාෂ්පවීම වෙනුවට එහි රැඳී පවතින්නේ එහි වායු ගෝලීය පීඩනය පෘථිවියේ පීඩනය මෙන් මිලියන ගුණයක් අධික වන නිසාය.නෙප්චුන් ගේ වායුමය වායුගෝලය හයිඩ‍්‍රජන්, හිලියම් සහ 3% ක් පමණ මීතේන් අන්තර්ගතව පවතිනවා. එය ග‍්‍රහ ලෝකයේ සාගරවලට ඉහළින් ආරම්භ වී කි. මී. 5000 ක් පමණ ඉහළට විහිදී තිබෙනවා. නෙප්චුන් ගේ වායු ගෝලය හරහා එන පරාවතිත ආලෝක කිරණ නිල් පැහැයකින් දිස් වෙනවා. වායු ගෝලයේ ඇති මීතේන් මගින් රතු සහ තැඹිලි පැහැය උරා ගැනීම එයට හේතුවයි. වර්ෂ 1998 දී නෙප්චුන්්ගේ වායුගෝලයේ මීතයිල් අඩංගු බව ද විද්‍යාඥයින්ට සොයා ගැනීමට හැකි වුණා. මීතයිල් අණුවක එක්් කාබන් පරමාණුවක් සහ හයිඩ‍්‍රජන් පරමාණු 3 ක් අයත් වෙනවා. මීතයිල් අණු හයිඩ්‍රොකාබන්වලට අයත් වන අතර කෙටි ආයු කාලයක් සහිත අධික ප‍්‍රතික‍්‍රියාකාරිත්වයකින් යුත් අණු ලෙස සැලකෙනවා. ඒවා එකිනෙක සමග සම්බන්ධවීමෙන් ඊතේන් නම් ගිනි ගන්නා සුළු, අවර්ණ වායුවක් නිර්මාණය වේ. ඉහළ වායු ගෝලයේ හටගන්නා කුණාටු මෙම මීතේන්් මගින් හටගන්නා බව විශ්වාස කෙරෙනවා.නෙප්චුන් ගේ මීතේන් වළාවන්ට පහළ මට්ටමේ පීඩනය, පෘථිවියේ මුහුදු මට්ටමේ පීඩනයට වඩා හතර ගුණයක් වැඩි බව සොයාගෙන තිබෙනවා. එහි තිබෙන ඝන වළාකුළු ස්ථරය හයිඩ‍්‍රජන් සල්ෆයිඩ් අංශු වලින් නිර්මාණය වී තිබෙනවා.සූර්යයා වෙතින් උරා ගන්නා තාප ප‍්‍රමාණයෙන් 2.7 ගුණයක් පමණ නෙප්චුන් ග‍්‍රහයා විසින් නිකුත් කරනු ලබනවා. ග‍්‍රහ ලෝකයේ අභ්‍යන්තරයේ ඇතිවන ගුරුත්වාක්ෂණ බලය හේතුවෙන් එහි හරයේ ඇති ද්‍රව්‍ය අඛණ්ඩව ඇතුළු දෙසට තල්ලු වෙනවා. එම ද්‍රව්‍ය හැකිලීම සිදුවෙත්ම, අණු ඉතා වේගයෙන් එකිනෙක ඝට්ටනය වන අතර ඉන් ඉතා විශාල බලයක් හටගනු ලබනවා. ඉන් පිටවන ශක්තිය හේතුවෙන් තාපය හට ගැනෙනවා. නෙප්චුන් ගේ හරයේ ආසන්න උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5149 පමණ වන අතර, එය සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයටත් වඩා අධික වෙනවා.නෙප්චුන් ග‍්‍රහ ලෝකය සතුව කි‍්‍රයාකාරී වායු ගෝලයක් පවතින හෙයින් එහි සුළං ප‍්‍රවාහ සහ විශාල කුණාටු ඇති වෙනවා. එහි ඇතිවන සුළං ප‍්‍රවාහ අක්ෂාංශ දිශාවෙන් හමන අතර එහි ධ‍්‍රැව ප‍්‍රදේශවලදීට වඩා සමකාසන්න ප‍්‍රදේශවල සුළං වේගය අධික වෙනවා.සෞර ග‍්‍රහ මණ්ඩලයේ අධිකතම සුළං වේගය ඇති ග‍්‍රහ ලෝකය මෙය වන අතර, එම වේගය පැයට කි. මී. 2000 ක පමණ අගයක් ගනු ලබනවා.නෙප්චුන් ග‍්‍රහ ලෝකය යෝධ ග‍්‍රහයකු ලෙස සැලකෙන නමුත් එය බ‍්‍රහස්පතිට සහ සෙනසුරුට වඩා කුඩා වන අතරම රසායනික සංයෝජනයන් ඒවාට වඩා වෙනස් වෙනවා. සෙනසුරු සහ බ‍්‍රහස්පති ග‍්‍රහයින් වැඩි වශයෙන් හයිඩ‍්‍රජන් සහ හිලියම් වලින් සෑදී තිබෙනවා. නෙප්චුන් ග‍්‍රහලෝකයේ මෙම මූූල ද්‍රව්‍ය ඉතාමත් සුළු වශයෙන් අඩංගු වී තිබෙනවා. ඒ වෙනුවට නෙප්චුන් ග‍්‍රහලෝකයේ වැඩි වශයෙන් අඩංගු වන්නේ ජලයයි. ජලය හයිඩ‍්‍රජන් හෝ හිලියම්වලට වඩා ඝනත්වයෙන් වැඩි බැවින් නෙප්චුන් ග‍්‍රහලෝකය බ‍්‍රහස්පතිට හෝ සෙනසුරුට වඩා ඉතා සංයුක්ත බවක් ගන්නවා. උදාහරණයක් ලෙස බ‍්‍රහස්පති සැලකූ විට එහි අරය කි. මී. 71355 ක් වන අතර, නෙප්චුන් ග‍්‍රහලෝකයේ අරය කි. මී. 24766 ක් වෙනවා.ගණිතමය සිද්ධාන්තයට අනුව විද්‍යාඥයින් දෙදෙනෙකු විසින්ය. වෙන් වෙන්ව හඳුනා ගැනීමට සමත් වුණා. මේ අතුරින් බි‍්‍රතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජෝන් කෝච් ඇඩම්ස් වර්ෂ 1845 ද, ප‍්‍රංශ ජාතික විද්‍යාඥයකු වූ අර්බියන් ජින් ජෝසෙප් ලෙවිරියර් විසින් 1846 දී ද, නෙප්චුන් ග‍්‍රහලෝකය හඳුනා ගැනීමට සමත් වුණා. මෙම තොරතුරුවලට අනුව 1846 දී ජර්මානු ජාතික තාරකා විද්‍යාඥ ජොහාන් ගොට්ප‍්‍රිඩ් ගැලි විසින් ප‍්‍රථම වරට මෙම ග‍්‍රහලෝකය සොයා ගැනීමට සමත් වුණා.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o