0 Views  
දුවට අතවර කළ වරදට බෑනා
අතින් පරලොව ගිය වෝල්ටර්....

මැරුවට පස්‌සේ දවසක්‌ම සූට්‌කේසයේ

වත්තල පොලිසිය බෙහෙවින් කාර්ය බහුලය. පොලිස්‌ නිලධාරීන්a යුහුසුළුව තම තමන්ගේ රාජකාරිවල නිරත වී සිටිති. වත්තල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ දුරකථනය දිගින් දිගටම නාද වෙයි. තමන් කරමින් සිටි භාරදූර කාර්ය මොහොතකට පසෙක තැබූ එරික්‌ පෙරේරා දුරකථන ඇමතුම ලබා ගත්තේය.

"සර්........ මම කථා කරන්නේ කෙරවලපිටිය සමගි මාවතේ පදිංචි කෙනෙක්‌. මගේ ඥාතියෙක්‌ හිටිය වෝල්ටර් කියලා. එයා අපේ ගෙවල් ළඟම පදිංචි කෙනෙක්‌. පසුගිය අප්‍රේල් 24 වැනිදා ඉඳලා වෝල්ටර් ආගිය අතක්‌ නැහැ."

"අද මැයි 04 වැනිදා. එයා ගැන කිසිම ආරංචියක්‌ නැහැ. ගෙදර අයත් වෝල්ටර් ගැන හරි තොරතුරක්‌ දෙන්නෙ නැහැ. අපිට මේ ගැන ලොකු සැකයක්‌ තියෙනවා."

සමගි මාවතේ පදිංචිකරුවා ලබා දුන්නේ වැදගත් තොරතුරකි. වත්තල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මොහොතක්‌ කල්පනා කළේය. "ඔබතුමා ලබාදුන්නු තොරතුරට බොහොම ස්‌තුතියි. වෝල්ටර්ගෙ ගෙවල් පැත්ත ගැන තව ටිකක්‌ සෝදිසි කරන්න. ගෙදර අයගේ හැසිරීම ගැනත් බලන්න. එහෙම කරලා මට ආයෙමත් කෝල් එකක්‌ දෙන්න."

එරික්‌ පෙරේරා සමගි මාවතේ පදිංචිකරුවාට උපදෙස්‌ ලබා දුන්නේය. මේ ආකාරයේ තොරතුරු පොලිසියට සාමාන්‍ය දෙයකි. ඇතැම් පුද්ගලයන් බොරු තොරතුරු ද මේ ආකාරයට ලබා දෙයි. වෝල්ටර්ගේ අතුරුදන් වීම ගැන තවදුරටත් සොයා බලා තොරතුරු දැනුම් දෙන ලෙස එරික්‌ පෙරේරා කීවේ ඒ නිසාය.

එදිනම සවස්‌ කාලයේ සමගි මාවතේ පදිංචිකරුවා වත්තල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට නැවතත් දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේය.

"සර්....... අපි වෝල්ටර් ගැන තව ටිකක්‌ හොයලා බැලුවා. මිනිහා ගැන කිsසිම තොරතුරක්‌ නැහැ. මෙතන මොකක්‌ හරි අභිරහසක්‌ තියෙනවා. මේ ගැන ටිකක්‌ හොයලා බලන්න. සමගි මාවතේ පදිංචිකරුවා දිගින් දිගටම ලබා දෙන තොරතුරු පිළිබඳව එරික්‌ පෙරේරා සිය අවධානය යොමු කර තිබුණේ ය. ඒ මොහොතේම උප පොලිස්‌ පරීක්‍ෂක දක්‍ෂිණ කැඳෙව්වේය.

සමගි මාවතේ පදිංචිව සිටි වෝල්ටර් නමැති පුද්ගලයාගේ හදිසි අතුරුදන්වීම පිළිබඳව දක්‍ෂිණ දැනුවත් කළ එරික්‌ පෙරේරා ඒ මොහොතේ ම මේ ගැන සොයා බැලීමට ඔහු පිටත්කර හැරියේය. පසුගිය 04 වැනිදා සවස්‌ කාලයේ කෙරවලපිටිය සමගි මාවතට ගිය උප පොලිස්‌ පරීක්‍ෂක දක්‍ෂිණ ඇතුළු නිලධාරීහු පිරිසක්‌ වෝල්ටර්ගේ නිවසේ පදිංචිකරුවන්ගෙන් ප්‍රශ්න කළහ. ඒ වන විට නිවසේ සිටියේ වෝල්ටර්ගේ බිරිඳ, ඔහු හදාවඩා ගත් දියණිය සහ ඇගේ සැමියාය.

"තාත්තා මීට සතියකට විතර උඩදී ඔස්‌ටේ්‍රලියාවට ගියා. එයා සෑහෙන කාලෙක ඉඳලා ට්‍රයි කර කර හිටියේ රට යන්න." මම මහත්තයත් එක්‌ක ගිහින් එයාව එයාර්පෝර්ට්‌ එකට බස්‌සල ආවෙ. වෝල්ටර් හදා වඩා ගත් දියණිය වූ මධුෂිකා කීවාය. වෝල්ටර්ගේ බිරිඳ කීවේ ද තම සැමියා ඔස්‌ටේ්‍රලියාවට ගිය බවය. මොවුන් මොන දේ කීව ද උප පොලිස්‌ පරීක්‍ෂක දක්‍ෂිණගේ සිතේ ඇඳී තිබුණේ තදබල සැකයකි.

"කෝ තාත්තාගේ අයිඩෙන්ටි කාර්ඩ් එකේ අංකය මට දෙන්න" උප පොලිස්‌ පරීක්‍ෂකවරයා මධුෂිකාගෙන් වෝල්ටර්ගේ හැඳුනුම්පත් අංකය ඉල්ලා සිටියේය.

"තාත්තගෙ ඩොකියුමන්ට්‌ කිසි දෙයක්‌ අපි ළඟ නැහැ. කොටින්ම එයාගේ හැඳුනුම්පතේ අංකයවත් නැහැ."

මධුෂිකාගේ හැසිරීම තරමක්‌ සැක සහිත බව තේරුම් ගැනිSමට තරුණ උප පොලිස්‌ පරීක්‍ෂකවරයාට එතරම් අපහසු වූයේ නැත. ප්‍රශ්න කිරීම් අවසන් කළ දක්‍ෂිණ ඇතුළු පොලිස්‌ නිලධාරීන් නැවත වත්තල පොලිසිය වෙත ආහ.

"සර්...... මට නම් මේ ගැන ලොකු සැකයක්‌ තියෙනවා. වෝල්ටර්ගේ නෝනයි, හදාගත්ත දුවයි එක එක කතා කියනවා" උප පොලිස්‌ පරීක්‍ෂක දක්‍ෂිණ හොයාගෙන ආ තොරතුරු අනුව වෝල්ටර්ගේ අතුරුදන්වීම පිටුපස කිසියම් අභිරහසක්‌ තිබෙන බව එරික්‌ පෙරේරාට ඉවෙන් මෙන් තේරුම් ගොස්‌ තිබිණි. සිය රාජකාරි පසෙක තැබූ ස්‌ථානාධිපතිවරයා එදින රාත්‍රියේම වෝල්ටර්ගේ නිවස සොයා ආවේය.

වෝල්ටර්ගේ බිරිඳ, හදාගත් දියණිය මධුෂිකා සහ ඇගේ සැමියාගෙන් එරික්‌ පෙරේරා වෙන වෙනම ප්‍රශ්න කළේ කිසියම් හෝඩුවාවක්‌ ලබා ගන්නා අටියෙන් ය.

"මට හිතෙනවා මෙතන මොකක්‌ හරි හැංගිච්ච දෙයක්‌ තියෙනවා කියලා. මේ ගෙදර මිනිස්‌සු කියන්නෙ බොරු. අපි මුලා කරන්න හදනවා."

එරික්‌ පෙරේරා සිය නිලධාරීන් සමඟ කීවේය. වෝල්ටර්ගේ නිවසින් පිට වූ පොලිස්‌ නිලධාරින් අසල්වැසියන්ගෙන් ද මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට අමතක කළේ නැත.

වෝල්ටර් පදිංචි ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරියාගේ සහාය ඇතිව ඡන්ද නාමලේඛනයේ තිබූ ඔහුගේ හැඳුනුම්පත් අංකය ලබාගත් එරික්‌ පෙරේරා ඒ ඔස්‌සේ සිය පරීක්‍ෂණ ආරම්භ කළේය.

මෙම හැඳුනුම්පත් අංකය ඔස්‌සේ පරීක්‍ෂණ කළ පොලිස්‌ නිලධාරීන් වෝල්ටර් විදේශගත නොවූ බව කටුනායක ගුවන් තොටුපළෙන් සොයා ගත්හ. වෙනකක්‌ තබා වෝල්ටර් ගුවන් ගමන් බලපත්‍රයක්‌ පවා ගෙන නොතිබූ බව ද පොලිසිය සොයා ගත්තේය.

"වෝල්ටර්ගේ ගෙදර මිනිස්‌සු ලොකු බොරුවක්‌ කරනවා. වහාම වෝල්ටර්ගේ බිරිඳයි, දුවවයි, බෑණවයි පොලිසියට ගෙන්වන්න."

වෝල්ටර්ගේ අභිරහස්‌ අතුරුදන්වීම ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් පොලිසිය වෙත කැඳවාගෙන එන ලෙස එරික්‌ පෙරේරා උප පොලිස්‌ පරීක්‍ෂක දක්‍ෂිණට උපදෙස්‌ දුන්නේය. ඒ අනුව වහාම වත්තල පොලිසිය වෙත පැමිණෙන ලෙස වෝල්ටර්ගේ බිරිඳ ඇතුළුÊ පිරිසට දැනුම් දීමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

එහෙත් ඔවුන් කිසිවකු හෝ පොලිසිය වෙත ආවේ නැත. සමගි මාවතේ පදිංචි පුද්ගලයකු එරික්‌ පෙරේරාට නැවතත් දුරකථනයෙන් ඇමතුමක්‌ ලබා දුන්නේය.

"සර්...... වෝල්ටර්ගේ ගෙදර හිටිය මිනිස්‌සුත් නැහැ. බල්ලව ගේ ඇතුළට දාලා ඒ අය පැනලා ගිහිල්ලා."

අසල්වැසියා ලබා දුන් තොරතුරු වලින් පසු වත්තල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වෝල්ටර්ගේ නිවස වෙත ආහ. ඒ පසුගිය 06 වැනිදා ය. අධිකරණ නියෝගයක්‌ ලබා ගෙන නිවසට ඇතුළු වූ පොලිස්‌ නිලධාරීන් එය පරීක්‍ෂාවට ලක්‌ කළහ.

නිවසේ එක්‌තරා කාමරයක තිබූ සැකකටයුතු භාණ්‌ඩ කීපයක්‌ කෙරෙහි පොලිස්‌ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබිණි. කාමරය පුර ලේ පැල්ලම් විසිරී තිබෙනු සොයා ගැනීමට පොලිසියට හැකි විය.

වෝල්ටර්ගේ නිවසට සීල් තබා ඊට පොලිස්‌ ආරක්‍ෂාව යෙදවීමට කටයුතු කළ එරික්‌ පෙරේරා නිවසින් පලා ගියවුන් පිළිබඳව සොයන්නට පටන් ගත්තේය.

වෝල්ටර්ගේ හදාගත් දියණිය මධුෂිකාගේ සැමියා නඩේෂන් ය. ඔහු ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙකි. රැකියාව කළේ කැලණිය ප්‍රදේශයේ තේ අපනයනය කරන සමාගමකය. නඩේෂන්ගේ සොහොයුරා රැකියාව කළේ ද කැලණිය ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයකය.

පොලිස්‌ නිලධාරීන් නඩේෂන්ගේ සොහොයුරු සොයාගෙන ඔහුගේ මාර්ගයෙන් නඩේෂන් ගේ සමීපතම මිතුරාගේ දුරකථන අංකය ලබා ගත්හ. පසුව නඩේෂන්ගේ සමීපතම මිතුරා සොයාගත් එරික්‌ පෙරේරා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම ඔහුගේ මාර්ගයෙන් නඩේෂන් එෙŒරමුල්ල ප්‍රදේශයට සූක්‍ෂමව ගෙන්වා ගත්හ.

පසුව පොලිස්‌ නිලධාරීන් නඩේෂන් අත්අඩංගුවට ගත්තේය.

"තමුන් මොකද හැංගිලා ඉන්නේ. කෝ තමුන්ගේ බිරිඳ කෝ එයාගේ අම්මා."

එරික්‌ පෙරේරා නඩේෂන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

"මම දන්නෙ නැහැ සර් ඒගොල්ලො කොහෙද කියලා."

නඩේෂන් දැඩි ලෙස භීතියට පත්ව සිටියි. ඔහු කිසිවක්‌ සැඟවීමට උත්සාහ කරන බව තේරුම් ගන්නට පොලිස්‌ නිලධාරීන්ට එතරම් අපහසු වුණේ නැත.

"කෝ මධුෂිකාගේ තාත්තා වෝල්ටර්. එයාට මොකද වුණේa. මේ හැම දෙයක්‌ම උඹ දන්නවා. උඹ අපට කොලේ වහන්න හදන්න එපා." ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා අඩි පොළොවේ ගසමින් කෑ ගැසුවේය.

"උඹ දැන්ම මධුෂිකාට කෝල් එකක්‌ අරගෙන එයා ඉන්න තැනකින් මෙහෙට ගෙන්වලා දෙන්න ඕනෙ. එහෙම නොවුණොත් ඉතිරි හරිය මම බලා ගන්නම්."

එරික්‌ පෙරේරාගේ නියෝගය අනුව නඩේෂන් මධුෂිකාට සිය ජංගම දුරකථනයෙන් ඇමතුමක්‌ ලබා ගත්තේය.

"පොඩි හදිස්‌සියක්‌ වෙලා. මට ඔයාව දැන්ම හම්බ වෙන්න ඕනෙ. පුළුවන් තරම් ඉක්‌මනට කොළඹට එන්න."

තමන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටින බව නොපැවසූ නඩේෂන් වහාම කොළඹට පැමිණෙන ලෙස මධුෂිකාට දැනුම් දුන්නේය.

ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ නඩේෂන් සමඟ ගොස්‌ මධුෂිකා සහ ඇගේ මව අත්අඩංගුවට ගත්හ. ඒ කොළඹ මෝදර ප්‍රදේශයේදීය.

අපි ත්‍රිකුණාමලයේ නඩේෂන්ගේ ගමේ ගිහිල්ලා හිටියේ. එහෙ පොඩි උත්සවයක්‌ තිබුණා ඒකට ගියා.

මධුෂිකා පොලිස්‌ නිලධාරීන් හමුවේ මුසාවන් වැලක්‌ කියාගෙන ගියාය. එහෙත් පොලිස්‌ නිලධාරීන් නොමඟ යෑවීමට තරම් දක්‍ෂතාවක්‌ මධුෂිකාට තිබුණේ නැත. සිදුවූ සියල්ල ඇය පොලිස්‌ නිලධාරීන් හමුවේ එකිනෙක හෙළි කරන්නට පටන් ගත්තාය.

"මගේ අම්මා තාත්තා කවුද කියලා මම දන්නේ නැහැ. මම උපන්නේ හලාවත පැත්තෙ ගමක කියලා විතරක්‌ දන්නවා."

"පුංචි කාලෙදිමයි මාව හදාගන්න අම්මා මාව අරගෙන ආවේ. වෝල්ටර් කියන්නේ මාව හදාගත්ත තාත්තා."

මධුෂිකා තම අනන්‍යතාව පිළිබඳ සියලු විස්‌තර පොලිස්‌ නිලධාරීන් හමුවේ කියන්නට වූවාය.

වෝල්ටර් රැකියාව කළේ වරාය අධිකාරියේය. වත්තල කෙරවලපිටියේ උපන් වෝල්ටර් හැදී වැඩුණේ, පාසල් ගියේ වත්තල ප්‍රදේශයේ ය. වෝල්ටර් සුමනා සමඟ විවාහ වන්නේ මීට වසර 30 කට පමණ උඩදීය. වෝල්ටර් යුවළ දරු සම්පත් ලැබීමට තරම් වාසනාවන්ත වුණේ නැත. සුමනා දරුවකු හදා ගැනීමට දැඩි ලෙස ආශා කළාය. එහෙත් ඊට අවකාශයක්‌ තිබුණේ නැත.

"අපි දරුවෙක්‌ හදා ගමු. කවද හරි අපි ගැන බලන්න කෙනෙක්‌ ඉන්න එපායැ. සුමනාගේ ඇවිටිලි බස්‌ නිසා වෝල්ටර් ඊට කැමැත්ත පළ කළේය. හලාවත ප්‍රදේශයේ දන්නා කියන තැනකින් පුංචි හුරුබුහුටි දැරියක්‌ සොයා ගත් සුමනා ඇය තම දියණිය ලෙස ඇතිදැඩි කරන්නට පටන් ගත්තාය. ඒ මීට වසර 25 කට පමණ උඩදීය.

වරාය අධිකාරියේ වැඩ පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ වෝල්ටර් ඉහළ වැටුපක්‌ ලබා ගත්තේය. ඒනිසාම වෝල්ටර් පවුලට කිසිම ආකාරයක අගහිඟයක්‌ තිබුණේ නැත. වෝල්ටර් තරුණ වියේ සිටම මත්පැන් පානයට තදින් ඇබ්බැහි වී සිටියේය. දිනපතාම රාත්‍රි කාලයේ මත්පැන් පානය කළ ඔහු සුමනා සමඟ අඩදබර කර ගත්තේය. එහෙත් ඒ සියල්ල නිවසින් පිටතට රැගෙන නොයැමට වෝල්ටර් වගබලා ගත්තේය.

"පුංචි මධුෂිකාට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දීමට සුමනා හැම විටම උත්සාහ කළාය. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළු කර ඉහළ අධ්‍යාපනයක්‌ ලබා දෙන්නට සුමනාට හැකි විය. මධුෂිකාගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වියහියදම් සියල්ල නොඅඩුව ලබා දෙන්නට වෝල්ටර් වගබලා ගත්තේය. මධුෂිකා තරුණ වියට එළඹෙද්දී වෝල්ටර් ඇය පිළිබඳව වෙනදාට වඩා උනන්දුවකින් සොයා බලන්නට පටන් ගත්තේය.

තරුණ වියට එළඹි මධුෂිකා වත්තල ප්‍රදේශයේ තරුණයකු හා ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනගා ගෙන සිටියාය. මේ තරුණයා සමඟÊපැවැති සම්බන්ධය පිළිබඳ සැලවීමෙන් පසු වෝල්ටර් දණ්‌ඩෙන් පහර කෑ සර්පයකු මෙන් කෝප වූයේය.

"උඹ ඔය සම්බන්ධය නතර කරන්න ඕනෙ. නැත්නම් උඹ දන්නවනෙ මගේ හැටි."

වෝල්ටර් මධුෂිකාට නිතර තර්ජනය කළේය. එහෙත් ඒ තර්ජන ගණනකට නොගත් මධුෂිකා එක්‌ අවස්‌ථාවකදී තම ප්‍රේමවන්තයා සමඟ නිවසින් පැන ගියාය. මධුෂිකා තරුණයකු සමඟ පැන යැම ගැන වඩාත් දුක්‌ වුණේ වෝල්ටර් ය. මධුෂිකා සහ ඇය හදාවඩාගත් සුමනා අතර පැවතියේ දැඩි ලෙන්ගතු කමකි. එය මව දියණිය අතර පැවැති බැඳීම ඉක්‌මවා ගිsය ලෙන්ගතුකමක්‌ සෙනෙහසක්‌ විය.

තරුණයකු සමඟ පැන ගිය මධුෂිකා නැවත නිවසට ගෙන්වා ගැනීමට වෝල්ටර් කටයුතු කළේ ඇය කෙරෙහි තිබූ මොකක්‌දොa අමුතුම ආකාරයේ බැඳීමක්‌ නිසාය.

එතැන් සිට මධුෂිකාට විවිධ තහංචි දැමීමට වෝල්ටර් කටයුතු කළේය. වෝල්ටර් මධුෂිකාට එරෙහි වන හැම විටම සුමනා ඇය වෙනුවෙන් පෙනී සිටියාය. කොටින්ම සුමනා වෝල්ටර්ට වඩා ආදරයක්‌ දැක්‌වූයේ මධුෂිකාටය.

මධුෂිකාට නඩේෂන් හමුවන්නේ මේ අතරතුරදීය. නඩේෂන් කැලණිය ප්‍රදේශයේ තේ අපනයන සමාගමක සුපවයිසර්වරයෙකු ලෙස සේවය කළේය. ඔහු පදිංචිව සිටියේ වත්තල ප්‍රදේශයේම කුලී නිවසකය.

මධුෂිකා දැන හඳුනාගත් නඩේෂන් ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනගා ගත්තේය. මේ සම්බන්ධය පිළිබඳව මධුෂිකා තමා හදාවඩාගත් මෑණියන්ට කීමට අමතක නොකළාය.

"මට බයයි අම්මේ තාත්තා මේ සම්බන්ධයටත් විරුද්ධ වෙයි කියලා. එහෙම උනොත් මම එයත් එක්‌ක පැනලා යනවා. එයාව කසාද බඳිනවා. මට අම්මගෙ ආශිර්වාදය තියෙනවනෙ. ඒ ඇති." මධුෂිකා කීවාය. නඩේෂන් සමඟ මධුෂිකා ඇති කර ගෙන තිබූ ප්‍රේම සම්බන්ධය පිළිබඳව ද වෝල්ටර්ගේ කන වැකෙන්නට ඒ තරම් කාලයක්‌ ගත වුණේ නැත. ඒ වන විට වෝල්ටර් වරාය සේවයෙන් විශ්‍රාම ගොස්‌ සිටියේය. විශ්‍රාම යන විට ඔහුට වරායෙන් රුපියල් 65 ලක්‍ෂයක මුදලක්‌ ලැබී තිබිණි. ඒ මුදලින් රුපියල් දස ලක්‍ෂයක ස්‌ථාවර තැන්පතු ගිණුමක්‌ තම බිරිඳගේ නමින් ආරම්භ කිරීමට වෝල්ටර් කටයුතු කර තිබුණේය.

ඉතිරි මුදල් වෝල්ටර් තමන්ට රිසි සේ වියදම් කරන්නට පටන් ගත්තේය. මත්පැන් පානය කිරීම වෙනදාට වඩා වැඩි කළ වෝල්ටර් බොහොම කෙළිදෙලෙන් කාලය ගත කළේය.

වොල්ටර් සමගි මාවතේ ජනප්‍රිය පුද්ගලයෙකි. තම ඥාතීන් අතර මෙන්ම අසල්වාසීන් අතර හොඳ හිත දිනාගෙන සිටි වෝල්ටර් කාටත් උදව් පදව් කරගෙන සිටියේය.

"තාත්ත ගමේ කොයි කවුරුත් එක්‌කත් හිතවත්. ඒ අයට හරිම කාරුණිකයි. ඕනම උදව්වක්‌ කරනවා. ඒත් එයා ගෙදරට මෘගයෙක්‌. එයා පුංචි කාලෙ ඉඳලා මාව විනාශ කරන්න හැදුවෙ. මට මතකයි මම හයේ පංතියේ ඉන්න කාලෙ තමයි තාත්තා මට අතවරයක්‌ කරන්න හැදුවෙ.

මධුෂිකා තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පොලිස්‌ නිලධාරීන් හමුවේ එකින් එක හෙළිකරන්නට වූවාය.

"තාත්තා මාව විනාශ කරන්න හදපු හැම වෙලාවකදීම මාව බේරගන්න ඉදිරිපත් වුණේ මගේ අම්මා. ඒත් අම්මට මාව බේරගන්න බැරිවෙච්ච අවස්‌ථාවලුත් තිබුණා.

ගෙදර වෙන මේ කිසි දෙයක්‌ පිටට ගියේ නැහැ. තාත්තට තියෙන බය නිසා අපි හැමෝම මේ දේවල් හංගගෙන හිටියෙ.

හැමදාම රෑට තාත්තා බීගෙන ඇවිත් මට කරදර කරන්න හදනවා. උඹේ අම්මා එක්‌ක ඉඳලා මට දැන් ඇතිවෙලා. උඹ මාත් එක්‌ක හිටපන් කියලා තාත්තා මට ගහනවා. මෙන්න මේ දේවල් ඉවසගන්න බැරි තැන තමයි මම කොල්ලෙක්‌ එක්‌ක පැනලා ගියේ. ඒත් අන්තිමේදී තාත්තා මාව ආපහු අරගෙන ආවා.

මම ජීවිතේ ගැන පුදුම කලකිරීමකින් හිටියේ. ඒ අතරෙදි තමයි මට නඩේෂන් මුණගැසුණේ. නඩේෂන් මට පුදුම විදිහට ආදරේ කළා. එයා එයාගෙ පණටත් වඩා මට ආදරේ කරනවා. ඇත්තට මට එයා ගැන පුදුම හිතුණා. තාත්තගෙන් වෙන අතවර ගැන හැම දෙයක්‌ම නඩේෂන්ට කිව්වේ වෙන කියන්න කෙනෙක්‌ හිටියෙ නැති නිසයි.

"තාත්තා කරන හිරිහැර ඇහුවාම නඩේෂන්ට හොඳටම තරහ ගියා. එයා තාත්තා ගැන හිටියෙ පුදුම වෛරයකින්."

වසර කීපයක්‌ තිස්‌සේ සිදු වූ ඒ සියල්ල මධුෂිකා ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ පෙරේරා ඉදිරියේ කියාගෙන ගියේ ගිරවියකු ලෙසය. මධුෂිකා කියන සියල්ල සැබෑ දේවල් දැයි විශ්වාස කළ නොහැකිය. පොලිස්‌ නිලධාරීන් පවා ඒ මොහොතේ සිටියේ තරමක කුතුහලයෙන් යුතුවය.

මම නඩේෂන් එක්‌ක යාලුයි කියලා දැන ගත්ත දවසේ තාත්තා ගෙදර යකා නැටුවා. නඩේෂන් දෙමළ කොල්ලෙක්‌. එයාට හරිහමන් රස්‌සාවක්‌ තිබුණෙ නැති නිසා තාත්තා එයාට කැමති නැහැ කිව්වා. ඒත් මට දැනුනෙ තාත්තගෙ හිතේ තිබුණෙ වෙන අරමුණක්‌ කියලා.

"කොහොම හරි තාත්තා මේ සම්බන්ධය නතර කරන්න නොගත් උත්සාහයක්‌ නැහැ. අන්තිමේදී බැරිම තැන මමයි නඩේෂනුයි තීරණය කළා හොරෙන්ම කසාද බඳින්න. මේ හැම දේකටම අම්මා උදව් කළා. මොකද අම්මා දන්නවා මට ගෙදරදී අත්විඳින්න වෙච්ච හැම දෙයක්‌ම.

නඩේෂන් මධුෂිකා විවාහ ගිවිස ගැනීම සිදු වුණේ හොර රහසේය. නීත්‍යානුකූලව විවාහ වුවද නඩේෂන්ට මධුෂිකාගේ නිවසට එන්නට වරම් තිබුණේ නැත.

"මට තාත්තගෙන් බේරිල්ලක්‌ නැහැ නඩේෂන්. මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා. එක්‌කො අපි දෙන්නා කොහෙ හරි යමු. මට අම්මා දාල යන්න දුකයි. පුංචි කාලෙ ඉඳලා අම්මා ඇහැක්‌ වගේ මාව බලා ගත්තා.

මධුෂිකා තම නීත්‍යනුකූල සැමියා වූ නඩේෂන් සමඟ කීවාය. නඩේෂන් හැඟුම්බරව සිටියි. විටෙක ඔහුගේ සිත පාලනය කළ නොහැකි කෝපයෙන් වෙව්ලයි.

"අපි තීරණයක්‌ ගමු. ඔය තාත්තා කියන මිනිහා ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි. ඒ නිසා අපි මිනිහව නැති කරලා දාමු. එතකොට අපට මේ ගෙදර ඉන්න පුළුවන්. ඔයාට අම්මව දාල යන්න වෙන්නෙත් නැහැ."

නඩේෂන් කළ යෝජනාවට මධුෂිකා එකවර කැමැති වුණේ නැත. එහෙත් වෙන කළ යුතු යමක්‌ නොමැති නිසා අවසානයේ ඇය ද ඊට කැමැත්ත පළ කළාය.

මධුෂිකා සහ නඩේෂන් එක්‌ව වෝල්ටර් පරලොව යවන ආකාරය ගැන සැලසුම් කරන්නට වූහ.

හැමදාම රෑට ඔය මනුස්‌සයා හොඳටම බීලා එන්නේ. රෑට මම ගෙදර එන්නම්. අපට පුළුවන් කරදරයක්‌ නැතිව මිනිහව ඉවරයක්‌ කරලා දාන්න. මධුෂිකා ද ඊට කැමැති වූවාය. අප්‍රේල් 23 වැනිදා රාත්‍රිය තම සැලසුම ක්‍රියාත්මක කිරීමට නඩේෂන් තීරණය කළේය. එදින රාත්‍රි 7.00 ට පමණ නඩේෂන් මධුෂිකාගේ නිවසට ආවේ හොර රහසේමය. නිවස පිටුපසට වී පැයක පමණ කාලයක්‌ තිස්‌සේ ඔහු සැඟවී සිටියේ වෝල්ටර් නින්දට යන තුරුය.

එදින සුපුරුදු පරිදි මත්පැන් පානය කර සිටි වෝල්ටර් වේලාසනින් ම නින්දට ගියේ එදින තම ජීවිතයේ අවසන් නින්ද වනු ඇතැයි නොසිතාය.

නිවස පිටත සැඟවී සිටි නඩේෂන් නිවසට ඇතුළු වූයේ මධුෂිකාගේ සහයෙන්ය. මධුෂිකාගේ මව ද මේ අපරාධය සඳහා උල්පන්දම් දුන්නාය. වසර තිහ හතළිහක්‌ තමන් සමඟ දුක සැප බෙදාගෙන එකට ජීවත් වූ තම සැමියා පරලොව යෑවීමේ පාපකර්මයට ඇය ද හවුල් වූවාය.

නඩේෂන් නිවසට ඇතුළු වී කාමරය වෙත යද්දී වෝල්ටර් සිටියේ නිදි දෙව්දුව වැළඳගෙන ය. එකවරම කාමරයට ඇතුළු වූ නඩේෂන් තම අතේ තිබුණු තියුණු පිහියෙන් ඔහුගේ පපු ප්‍රදේශයට කිහිපවරක්‌ ඇනගෙන ඇනගෙන ගියේය.

පිහි ප්‍රහාරයෙන් දැඩි වේදනාවට පත් වූ වෝල්ටර් එක්‌වරම නැගී සිටියේය. ඒ වන විට මධුෂිකා ද සිටියේ ඇඳ අසලය. වෝල්ටර්ගේ වේදනාත්මක විලාප හඬ නතර කිරීමට ඇය ඔහුගේ මුවේ රෙදි පාන්කඩ එබුවේය. ඒ සමගම නඩේෂන් තවත් පිහි පහර කීපයක්‌ වෝල්ටර්ගේ ගෙල ප්‍රදේශයට එල්ල කළේය. පිහි ප්‍රහාර හමුවේ අඩපණ වූ වෝල්ටර් කිසිදු හැල හොල්මනක්‌ නොමැතිව ඇඳ මත්තේම ඇද වැටුණේය. වෝල්ටර්ට තමන් හදා වඩා ගත් දියණිය සහ බෑණා අතින් අවසන් ගමන් යැමට සිදු වුණේ ඒ ආකාරයෙන් ය. වෝල්ටර් කෙසඟ පුද්ගලයකු විය. ඔහුගේ සිරුර රෙද්දකින් ඔතා දැමූ නඩේෂන් එය විශාල ගමන් බෑගයක බහා කාමරයේ ඇඳ යටට දැමුවේය.පසුදින කිසිවක්‌ නොවූ අයුරින් නඩේෂන් තම රැකියාවට ද ගියේය. එදින රාත්‍රියේ නිවස පිටුපස වළක්‌ කැපූ නඩේෂන් හොර රහසේම වෝල්ටර්ගේ සිරුර එහි වළ දැමුවේ මධුෂිකාගේ සහ සුමනාගේ ද සහාය ඇතිවය.

වෝල්ටර්ගේ ඝාතනය සදාකාලිකව වැළලී යන අපරාධයක්‌ වනු ඇතැයි නඩේෂන් සිතුවේය.

එහෙත් අපරාධයක්‌ සඟවා තැබිය නොහැක. කිසියම් දිනක එය හෙළිදරව් වනු ඇත්තේය. වත්තල පොලිසියේ ස්‌ථානාධිපති එරික්‌ පෙරේරා, උප පොලිස්‌ පරීක්‍ෂක දක්‍ෂිණ ඇතුළු නිලධාරීන්ගේ දක්‍ෂතා නිසා වෝල්ටර්ගේ ඝාතනයේ සියලු රහස්‌ හෙළි වුණේය.

අනේ සර් මේකට මධුෂිකා සම්බන්ධ වුණේ නැහැ. මේ වැඩේ කළේ මම ඒ නිසා එයාව නිදහස්‌ කරන්න එයාට යන්න දෙන්න. නඩේෂන් තමන් ආදරය කරන මධුෂිකා මේ අපරාධයෙන් ගලවා ගැනීමට දැඩි ලෙස උත්සාහ කළේය.

මධුෂිකා ද කීවේ එයමය. මේ අපරාධයෙන් නඩේෂන් ගලවා ගැනීමට ඇය උත්සාහ කළාය. ඒ ආදරයේ තරමය. එහෙත් අපරාධකාරයන් බේරා හැරිය නොහැකිය.

එහෙත් වෝල්ටර් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නඩේෂන්, මධුෂිකා සහ සුමනා බන්ධනාගාරගත කෙරිණි.



Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o