0 Views  
හොර ඔප්පු ලියා ඉඩම් විකිණූූූ විශ්‍රාමික හමුදා කපිතාන්

රාමනාදන් කමලනාදන් මහතා කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පර්චස් දාහතයි දශම හතයි පහක ඉඩමක් රුපියල් දහතුන් කෝටි තිස් එක්ලක්ෂ විසිපන් දහසකට මිලදී ගත්තේ මෙම වසරේ ජනවාරි 06දාය.

හදිසියේම රාමනාදන් මහතා හමුවන්නට පැමිණි නිහාල් නමැති ප්‍රසිද්ධ බ්‍රෝකර්වරයකු අලුතින් ගත් ඉඩම රුපියල් කෝටි පහකට විකුණන්නට යන්නේදැයි විමසීමක් කරන්නේය. තමා මිලදීගත් ඉඩම හොරෙන් විකුණන්නට යන වග රාමනාදන් මහතා දැනගත්තේද මේ නිහාල් ලබාදුන් තොරතුරු අනුවය.

නිහාල්ට මෙම ඉඩම ගැන තොරතුරු ලැබෙන්නේත් තවත් බ්‍රෝකර්වරයකු මාර්ගයෙනි. නිහාල් දුන් තොරතුරු මත ඉඩම් හිමිකරු වන රාමනාදන් වහාම කොළඹ වංචා විමර්ශන අංශය වෙත යන්නේ තම ඉඩම හොරෙන් විකුණන්නට යන ජාවාරම ගැන පැමිණිලි කරන්නටය.

රාමනාදන් කමලනාදන් මහතා කරන ලද පැමිණිල්ලට අනුව ඔහු මෙම ඉඩම මිලදීගෙන ඇත්තේ දොරති අබේකෝන් ගුණරත්න නමැති ඉඩම් හිමියකුගෙනි. මෙම ඉඩම හොරට විකුණන්නට යන වග හෙළිවීමෙන් පසු ඉඩම් කන්තෝරුවෙන් ඉඩමේ පත්තීරු පරීක්ෂා කිරීමේදී මේ වනවිටත් ව්‍යාජ ඔප්පු තුනක් හදා ලියාපදිංචිය සඳහා ඉදිරිපත්ව ඇති බව දැනගනී.

මෙම පැමිණිල්ලට අනුව කොළඹ වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා විමර්ශන කටයුතු උප ‍පොලිස් පරීක්ෂකවරුන් වන චන්ද්‍රසිරි, කස්තුරිසිංහ සහ නිශාන්ත යන තිදෙනා වෙත භාර කරන්නේය.

බස්නාහිර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන්ගේ නියෝග මත අවශ්‍ය වැටලීම් සඳහා ‍පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා සිය කණ්ඩායම් පිටත් කර හරින්නේය.

මේ සම්බන්ධ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් කළ පරීක්ෂාවකදී අනාවරණය වන්නේ මෙම පෙබරවාරි 08දා ඔප්පු අංක 1530 යටතේ ව්‍යාජ ඔප්පුවක්ද, පසුදින (07) ඔප්පු අංක 1532 දරන ඔප්පුවක්ද ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කර ඇති බවය.

රාමනාදන් මහතා ජනවාරි 08 දා සිට අබේකෝන් ගුණරත්න මහතාගෙන් ඉඩම මිලදීගත් පසු මෙම ඔප්පු ලියාපදිංචිය ඉදිරිපත් කර ඇති බවත් ඔප්පුවේ වටිනාකම ලෙස එක්කෝටි තිස්පන් ලක්ෂයක සාදා තිබූ නිසා එය ප්‍රතික්ෂේප වී ඇත්තේ එම ඉඩමේ පර්චසයක මිල රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා නිසාය. හොර ඔප්පු සැකසූ පුද්ගලයන් මෙම ඉඩම රාමනාදන් මිලදීගෙන ඇති බව නොදැන අබේකෝන් ගුණරත්න නමැති මුල් හිමිකරුගෙන් මිලදීගන්නා අයුරෙන් ඔප්පු සකසා ඉදිරිපත් කර ඇත.

ආනන්ද රාසා ජෙයරුබන් නමැත්තෙකුට පළමු ව්‍යාජ ඔප්පුවෙන් අයිතිය පවරා තිබුණු අතර ඉන්පසුව මුත්තයියා කන්දරාසා හා ආනන්ද රාසා ජෙයම්පදි යන දෙදෙනා විසින් අනෙක් ඔප්පුව සකස් කර තිබුණි. එම ඉඩම් ඔප්පුවේ හිමිකරු ලෙස රාමනාදන් මහතාගේ නම සඳහන් කර තිබුණේ කලින් ඔප්පු දෙකම ලියාපදිංචිය ප්‍රතික්ෂේප වීම හේතු කරගෙන බව ‍පොලිස් විමර්ශනවලදී හෙළිවිය.

මෙම විමර්ශනවලට අනුව හොර ඔප්පු සකසන ජාවාරම සංවිධානාත්මක කල්ලියක වැඩක් බව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීහු අනාවරණය කරගත්හ. ඒ අනුව රාමනාදන් මහතාට ඉඩම විකුණන තොරතුර රැගෙන ආ බ්‍රෝකර් මාර්ගයෙන් ඉඩම විකිණීමට එන ජාවාරම්කරුවන් කොටු කරන මෙහෙයුම සැලසුම් කෙරිණි.

රුපියල් කෝටි පහකට විකුණන බව කියන මෙම ඉඩම මිලදී ගැනීම සඳහා බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් කතා කරගත්තේ ලක්ෂ දහය අත්තිකාරම් මුදලක් ලබාදීමටය. ඒ අනුව බොරලැස්ගමුවේ ෆින්ගාරා හෝටලයේදී ගනුදෙනුව කතිකා කරගත් පරිදි ලක්ෂ දහයක චෙක්පතක් රැගෙන යන විමර්ශන කණ්ඩායම යෙදවූ දෙදෙනා චෙක්පත ලබාදී ඊට අදාළ ලියවිල්ලකටද අත්සන් ගන්නේ ගනුදෙනුව සඳහා චෙක්පත මිලදීගත් බව සනාථ කරමිනි. එම ජවනිකාව අවසන් වන්නට පෙර චෙක්පත ගනුදෙනුව සිදුවන තැනටම වංචා විමර්ශන අංශය කඩා පැන ඉඩම් ගනුදෙනුවට පැමිණි මොහොමඩ් ඩිල්ෂාන් හා මුසම්මිල් යන දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.

එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මොවුන් බ්‍රෝකර්වරුන් බවත් ඔවුන්ට ගනුදෙනුව ගෙන එන්නේ තවත් බ්‍රෝකර්වරයකු වන හමීඩ් හසන් නමැත්තකු බවත් හෙළි වන්නේය. ඒ අනුව හමීඩ් ග්‍රෑන්ඩ්පාස්වලදී අත්අඩංගුවට ගන්නේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදීය. මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ යන්ත්‍ර ක්‍රියාකරුවකු වූ හමීඩ්ගේ වාහනයේ තිබි ඉඩම් ජාවාරම් සඳහා යොදාගන්නා බවට සැකකළ හැකි ලිපිගොනු සියයක් පමණ සොයාගන්නා ලදී. පත්ඉරු, පැවරුම් ලිපි, ඉඩම් ඔප්පු ඇතුළු ලියකියවිලි සියයක් පමණ එහි විය. කොළඹ, බම්බලපිටිය, කොල්ලුපිටිය, කුරුඳුවත්ත ප්‍රදේශවල ඉඩම්වල ඔප්පු පිටපත් මේ අතර විය. රාමනාදන්ගේ පැමිණිලි කළ ඉඩමේ පිටපතක්ද එහි තිබුණි.

හමීඩ්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමාට මෙම ගනුදෙනුව සඳහා ඔප්පු පිටපත ලබාදුන්නේ මොහොම්මද් රිස්වින් නමැති දෙමටගොඩ පදිංචි අයකු බව අනාවරණය කරන්නේය.
ෆින්ගාරා හෝටලයේදී අත්අඩංගුවට ගත් ඩිල්ෂාන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මුත්තයියා කන්නදාසන් හා ජෙයරූපන් නමැති හොර ඔප්පුවට අනුව ඉඩමේ හිමිකරුවන් ලෙස පෙනී සිටින දෙදෙනා බම්බලපිටියේ හෝටලයක නවාතැන් ගෙන සිටින බව හෙළිවිය. ඒ අනුව විමර්ශන නිලධාරීන් ඔවුන් දෙදෙනකු කොටු කරගත්තේය. ඔවුන් හෝටලයේ නවාතැන් ගන්නට කොළඹට පැමිණ තිබුණේ කලින් දිනයේය. මොවුන්ගේ පවුල්වල සාමාජිකයන් යුරෝපා රටවල සිටින අය බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන අතර තමන්ගේ හැඳුනුම්පත් පිටපත් ලබාදීමෙන් පසු ව්‍යාජ ඔප්පු සකසන ජාවාරම බ්‍රෝකර්වරුන් කළ බවට ඔවුන් දෙදෙනා හෙළිකර තිබිණි. මොවුහු යාපනයේ හා වව්නියාවේ පදිංචිකරුවන් වූහ.

දෙමටගොඩ රිස්වින් කොටුකර ගත් වංචා විමර්ශන අංශය විසින් ඔහු සන්තකයේ තිබියදීත් අදාළ ඉඩමේ ඔප්පු පිටපත්ද සොයාගන්නා ලදී. තමන්ට මෙම ඉඩම විකිණීමට ඔප්පු පිටපත් භාරදුන්නේ කටුගස්තොට පදිංචි ෂායිස් බව සැකකරු හෙළි කරන්නේය. බ්‍රෝකර්වරුන්ගේ ජාලයක් සොයාගත්තද විමර්ශන කණ්ඩායම්වලට ව්‍යාජ ඔප්පු සකසන ජාවාරම්කරු කොටුකර ගැනීමට තොරතුරු සොයා යාමට සිදුවන්නේය.
ෂායිස් කොටු කරන මෙහෙයුම අරඹන විමර්ශන කණ්ඩායම් කොළඹදී ෂායිස්වත් කොටුකර ගනිති. මොහොමඩ් ෂායිස්ගෙන් ප්‍රශ්න කිරීමේදී ජෙයරුපන් නමැති අයකු තමාට ඔප්පු පිටපතක් හා හැඳුනුම්පත් පිටපත් දෙකක් ව්‍යාජ ඔප්පුවක් සැකසීම සඳහා දුන් බවත්, තමන් ඒ අනුව කටුගස්තොට වජිර නමැති යුද හමුදා සේවයෙන් ඉවත් වූ කපිතාන්වරයකු හට එය ලබාදුන් බවත් හෙළි කළේය.

කටුගස්තොට පිහිටි හමුදා කපිතාන්ගේ නිවස වටලන්නට ‍පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා තම විමර්ශන කණ්ඩායම පිටත් කර යවන්නේ ඒ අනුවය.

කටුගස්තොට පිහිටි කපිතාන්ගේ නිවස වටලා කපිතාන්වරයා අත්අඩංගුවට ගත් ‍පොලිස් කණ්ඩායම එම නිවසේ වූ හොර ඉඩම් ඔප්පු ඇතුළු ලියකියවිලි සකසන කච්ච්ෙරිය සොයාගත්හ.

මෙම ජාවාරම්වලින්ම කෝටිපතියකු වූ බව කියන හමුදා කපිතාන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඔප්පු සැකසීමට යොදාගත් පරිගණක, ස්කෑන් යන්ත්‍ර, ප්‍රින්ටර් මෙන්ම ඕනෑම ඉඩම් ඔප්පුවක් සැකසීමට අවශ්‍ය හිස් කොළ වර්ග, ඉඩමේ පිඹුරුපත් සකසන හිස් කාඩ්පත් පවා සොයා ගත්තේය.

මෙම හොර කච්ච්ෙරිය පුරාවට තිබුණු ව්‍යාජ ඔප්පු සැකසීමට ගෙන ආ බව කියන ඔප්පු පිටපත් විශාල ප්‍රමාණයක් විමර්ශන කණ්ඩායම්වලට සොයාගැනීමට හැකිවිය. රාමනාදන් මහතාගේ ඉඩමට සැකසූ ව්‍යාජ ඔප්පුවේ පිටපත්ද එහි විය. මෙම ඉඩමට ව්‍යාජ ඔප්පු තුනම සකසා තිබුණේ මෙහිදී බව අනාවරණය වන්නේය.

රුපියල් විසිපන් දහසේ සිට ලක්ෂ ගණනින් මුදල් අය කරමින් මෙම හොර ඔප්පු සකසා ඇති බවත්, කපිතාන්වරයාගේ බිරිඳත් මහනුවර කච්ච්ෙරියේ සේවය කර ඇති බවත් සොයා ගත හැකිවිය.

2009දී යුද හමුදා සේවයෙන් ඉවත් වූ සැකකාර කපිතාන්වරයා රට වටා ඉඩම්වලට ඔප්පු ලියා ලක්ෂ ගණන්වලට විකුණා ඇතැයි අනාවරණය වන්නේය.

සැකකාර කපිතාන්වරයා ගැන විමර්ශන අරඹද්දී මහනුවර, ගම්‍පොළ, මාත‍ලේ, කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාජ ඉඩම් ඔප්පු සැකසීමට එරෙහිව නඩු තිබෙන බවද හෙළි වන්නේය.

විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී මතුරට මහතා නුවරඑළිය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීව සිටියදී ඔහුට අයත් මහනුවර පිහිටි පර්චස් විසිතුනක ඉඩමකටත් ව්‍යාජ ඔප්පු සකස් කර වෛද්‍යවරයකුට විකුණා හසුවන්නේ 2008 වසරේදීය. මහනුවර ‍පොලිසියේ වංචා විමර්ශන අංශය (ඉඛිඕ) වෙත මෙම විමර්ශන භාරදී තිබුණද හමුදා කපිතාන්වරයා අත දිගහැර මුදල් වියදම් කරන්නට වූයෙන් එම ඒකකයේ විමර්ශන නිලධාරීනුත් විමර්ශන යටපත් කර අත්අඩංගුවට ගැනීම පසෙකලා ඇත. එම ඒකකයේ ස්ථානාධිපති සැකකාර කපිතාන් සමග මහනුවර ප්‍රසිද්ධ හෝටලයක එකට මධුවිත පානය කරන බවට ගාමිණී මතුරට මහතාට දැනගන්නට ලැබිමෙන් පසු එම විමර්ශන මහනුවර විශේෂ විමර්ශන ඒකකයට (ඉඋ) පවරන්නේ සැකකරු අත්අඩංගුවට නොගැනීම හේතුවෙනි.
‍පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න
‍පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න

අවසානයේ සැකකාර කපිතාන්වරයා වරද භාරගෙන උසාවි ඉදිරිපත් කළ දිනයේම ඇප ලබාගන්නේද ‍පොලිසියේ ඇතැමුන් තම ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයාට වඩා කපිතාන්ගේ මුදල් බලයට යටවූ නිසාය.

නීතියෙන් ගැලවීමට උත්සාහ ගන්නා තම ඉඩමටත් ව්‍යාජ ඔප්පු සැකසූ ජාවාරම්කරුට නීතියෙන් දඬුවම් දෙන්නට ගාමිණී මතුරට මහතා රහස් ‍පොලිසියේ අධ්‍යක්ෂ තනතුරට පත්වූ පසුව ක්‍රියා කරන්නේය. ඒ මෙම සැකකාර ජාවාරම්කරු රටපුරා වංචා කර නිදැල්‍ලේ හැසිරෙද්දීය. නීතිපති දෙපාර්තමේන්තුව මගින් මහාධිකරණයට මෙම වංචා නඩු යොමු කරන්නේ ඒ අනුවය.

අධිකරණයට ඉදිරිපත් කළ පසුව උපක්‍රමශීලීව වරද පිළිගෙන කොටස් වශයෙන් වංචා කළ මුදල ගෙවාගෙන යාම කපිතාන්වරයා ක්‍රියාත්මක කළ ක්‍රමවේදය වූයේය.

මහනුවර ‍පොලිසියේ පමණක් අධිකරණ විනිසුරුවන්, වෛද්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ තනතුරු හොබවන්නන් මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට අයත් ඉඩම්වලට පවා නොබියව හොර ඔප්පු ලියා විකුණා මුදල් උපයන ජාවාරමක් මෙම ඉඩම් හොරුන්ගේ කල්ලිය කරගෙන ගොස් ඇති බව මේ වනවිට හෙළිවෙමින් ඇත්තේය.

මහනුවර ‍පොලිසියේ පමණක් මෙම හොර කච්ච්ෙරිය පිළිබඳව පැමිණිලි දහ නවයක් ඇති වග අනාවරණය වන්නේය.

මෙම හොර කච්ච්ෙරිය තුළින් සැකසූ ව්‍යාජ ඉඩම් ඔප්පුවලින් රටපුරා විකුණා ඇති ඉඩම් ගැන කොළඹ වංචා විමර්ශන අංශය මේ වනවිට පුළුල් විමර්ශනයක් අරඹා ඇත.


Wmqgd .ekSu Wmqgd .ekSu ��r mqj;am; weiqfrks weiqfrks
o